නිවාස පරිත්‍යාග

You are here

ඊ. එම්. ඩබ්ලිව්. ජයසූරිය මහතා සතුව තිබූ දේපළ බෝධි ආරක්ෂක සභාවට පරිත්‍යාග කිරීම

පරිත්‍යාග

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මාතර නගර සීමාව තුළ මාතර නූපේ කුමාරතුංග මාවතේ වර්පනම් අංක 322 දරණ ස්ථානයේ පිහිටි රූඩ් 2, පර්චස් 29 ක පමණ ඉඩම කොළඹ 07 හෝර්ටන් පෙදෙස අංක 41 හි පදිංචි රංජනී ඊලින් වීරරත්න ජයසූරිය හා කොළඹ 03, ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩන්, ප්‍රින්ස් ඇල්බට් ටවර් අංක 100/4 හි පදිංචි මංගලිකා ඩෝර

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.