හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහා රාමයේ වැව පසු කර සැතපුම් කාලක් පමණ කතරගම පැත්තට යන විට පාරේ දකුණු පැත්තේ බස් පාර අයිනේම විදුලිය, දුරකථන, ජලනල පහසුකම් ඇති අකුරුගොඩ කැලේ යන ඉඩමේ තමාට අයිති ඉඩමෙන් පර්චස් 25 ක ප්‍රමාණයක් අංක 2964 දරණ තෑගි ඔප්පුව මඟින් 1989. 06. 11 වන දින පෙර සභාපති හෙන්රි ගුණසේකර මහතාගේ ඉල්ලීම මත බෝධි ආරක්ෂක සභාවට තෑග්ගක් ලෙස පවරා දී ඇත.

රට දැය වෙනුවෙන් ජීවිත පූජා කරන හෙළදිව වීර සෙබළුන්ට පින් පිණිස විශ්‍රාම ශාලාවක් තනවා ගැනීම තම අපේක්ෂාව වූ බව මෙම ඉඩම පරිත්‍යාග කළ තෑගි දීමනා කරු වන විශ්‍රාමික පොලිස් නිළධාරී යූ. එච්. විජයපාල මහතාගේ ඉල්ලීම වී ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here