අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් උසස් පෙළ අධ්‍යාපනයට වරම් ලැබු සිසු දරු දැරියනට ශිෂ්‍යත්ව පිරිනැමීම

සෑම වසරකම පවත්වන ලද අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ සාර්ථක ප්‍රතිඵල ලැබු මාතර දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් 500 දෙනෙකුගේ විස්තර විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන එම ප්‍රතිඵල වර්ගීකරණය කොට තම ප්‍රාථමික අධ්‍යාපනය නිමවා උසස් අධ්‍යාපනයට වරම් ලැබු සිසු දරු දැරියනට තම ඉදිරිය නිවැරදිව සකසා ගැනීමේ අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කර ගැනිමට පාසල් යෞවනයට ශිෂ්‍යත්ව පිරිනැමීම 1994 වර්ෂයේ සිට සිදු කරනු ලබයි.

ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කොට වත්මන් සභාපතිතුමාගේ සංකල්පයක් මත මෙම ශිෂ්‍යත්ව සඳහා ළමයින් තේරිමේදි එතෙක් මාතර නගරයට සීමා වී තිබු ක්‍රමය වෙනස් කොට මාතර දිස්ත්‍රික්කයේ දුර බැහැර පාසැල් සිසුනටද මෙම අවස්ථාව ලබාදීමටත් , එසේම ශිෂ්‍යත්ව අයදුම්පත් ඉදිරිපත් කිරිමේදි මෙතෙක් පැවති ක්‍රමය වෙනුවට ආදායම තහවුරුව පිළිබදව ප්‍රාදේශීය ලේකම්තුමාගේ නිර්දේශය බෝධි ආරක්ෂක සභාව මගින්ම විමසීමටත් කටයුතු යොදන ලදී. මෙම නව ක්‍රමය තුළින් සමෘද්ධිලාභීන් නිවැරදිව හදුනා ගැනීමටත් බෝධි ආරක්ෂක සභාවට කරනු ලබන විවිධ චෝදනා බැහැර කොට ආර්ථික අපහසුතාවයෙන් යුත් දරු දැරියනට පමණක් මෙම ශිෂ්‍යත්ව නිවැරදිව ලබාදිමටත් කටයුතු පිළියෙළ කරන ලදි.

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවවලදී ප්‍රකට විද්වත් දේශක මහතුන් විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කැඳවා අනාගත පරපුර වෙනුවෙන් සාරධර්ම ගුණ වගාවට අදාළ වන විශේෂ දේශන පැවැත්වීමටත් කටයුතු යොදන ලදී. මෙම ශිෂ්‍යත්ව ප්‍රධානයේ පරමාර්ථය, ආරම්භය , මෙතෙක් ලබාදී ඇති ශිෂ්‍යත්ව ප්‍රමාණය හා මෙතෙක් ලබාදී ඇතිි ශිෂ්‍යත්ව අරමුදල 50 වන සංවත්සරය සැමරීමේදී ඉදිරිපත් කිරිමට ලැබීමත් පොදු ජනතාව විසින් පරිත්‍යාග කරන ලද මේසා විශාල මුදලක් ප්‍රදානය කිරීමට ලැබීමත් මහත් අභිමානයක් ලෙස සලකමි.

ශිෂ්‍යත්වයේ පරමාර්ථ 

මාතර බෝධි ආරක්ෂක සභාවේ ව්‍යවස්ථාවට අනුකුලව පැවරි ඇති ආගමික කාර්යයන්ට අමතරව අධ්‍යාපන, සංස්කෘතික හා සමාජ සේචා කටයුතු කිරිමද ස්චකීය පරමාර්ථය කොට ඇති අතර එම පරමාර්ථය සපුරාලීමේ අපේක්ෂාවෙන් ආර්ථික අපහසුතාවයන්ගෙන් යුතු පවුල්වල දරුවන්ට උසස් අධ්‍යාපනය හැදැරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම වාර්ෂිකව සිදුකරනු ලැබේ.

ශිෂ්‍යත්වයේ ආරම්භය 

අපගේ සිසු සිසුවියනට තමන්ගේ හපන්කම් මත ප්‍රදානය කරනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය පෙර සභාපති සී. ඵ්. හේමචන්ද්‍ර මහතාගේ අදහස මත මල්ඵල ගැන්වුන අතර, ඒ ගෙන ආ අදහස 1994.07.25 දින සිට අද දක්වා සාර්ථකව වත්මන් සභාපති මහතාගේ මඟපෙන්වීම මතද ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

මෙතෙක් ලබාදී ඇති ශිෂ්‍යත්ව ප්‍රමාණය 

1994.07.25 දින සිට මේ දක්වා සිසුසිසුවියන් 775 දෙනෙකුට මෙම ශිෂ්‍යත්ව ලබාදී ඇති අතර මෙවර තෝරාගත් සිසු දරුවන් 100 දෙනා සමගින් මෙම සංඛ්‍යාව 875 දක්වා ඉහළ යයි.

මෙතෙක් ලබාදී ඇති ශිෂ්‍යත්ව අරමුදල 

මෙතෙක් ප්‍රදානය කරන ලද ශිෂ්‍යත්ව මත බෝධි ආරක්ෂක සභාව මගින් දරන ලද මුදල් ප්‍රමාණය රුපියල් එක් කෝටි අසූහය ලක්ෂයක් (රු. 18,600,000/=) වන අතර මෙම තෝරාගත් සිසුදරුවන්ගේ අවසාන දීමනාවත් සමඟ රුපියල් දෙකෝටි එක් ලක්ෂයක් (රු. 20,100,000/=) වේ.

  1. 1994 වසර සිසුදරුවන් 25 දෙනෙකුට වසර දෙකකට රු. 600,000/=
  2. 1995 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  3. 1996 වසර සිසුදරුවන් 87 දෙනෙකුට වසර දෙකකට රු. 2,088,000/=
  4. 1997 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  5. 1998 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  6. 1999 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  7. 2000 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  8. 2001 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  9. 2002 වසර සිසුදරුවන් 51 දෙනෙකුට වසර දෙකකට රු. 1,224,000/=
  10. 2003 වසර සිසුදරුවන් 51 දෙනෙකුට වසර දෙකකට රු. 1,224,000/=
  11. 2004 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  12. 2005 වසර සිසුදරුවන් 60 දෙනෙකුට වසර දෙකකට රු. 1,440,000/=
  13. 2006 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  14. 2007 වසර සිසුදරුවන් 51 දෙනෙකුට වසර දෙකකට රු. 1,224,000/=
  15. 2008 වසර සිසුදරුවන් 50 දෙනෙකුට වසර දෙකකට රු. 1,200,000/=
  16. 2009 හා 2010 වසර සිසුදරුවන් 100 දෙනෙකුට වසර දෙකකට රු. 1,500,000/=

මුළු මුදල (රුපියල් ලක්ෂ දෙසිය එකකි) රු. 20,100,000/=

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here