ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමේදී ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමත් එම ආගමික වතාවත් පැවැත්වීම බෝධි රාජයාණන් අභියස සිදු කිරීමටත් එවැනි උත්සව අවස්ථාවලදී වැඩම කරවනු ලබන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන්පස, පිරිකර සැපයීමත් ආදී කටයුතු ඉටුකිරීමට කටයුතුද පිළියෙළ කරන ලදී. මෙසේ පවත්වන ලද වැදගත් උත්සව අතර,
- ජාතික නිදහස්දින උලෙළ.
- වෙසක් උත්සවය.
- අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීම.
- තුන්හෙළ ආශීර්වාද සදහම් යාත්‍රාව.
- මත්ද්‍රව්‍ය නිවාරණ සතිය.
- රුහුණු විශ්ව විද්‍යාලයේ රජත ජයන්ති උත්සවය.
- අළුත් අවුරුදු හිසතෙල් ගෑමේ උත්සවය.
- පොසොන් උත්සවය.
- ලෝක අමද්‍යප දිනය.
- විශ්ව ළමා දිනය සැමරීම.
- සුදු සැරයටි දිනය සැමරීම.
- රණවිරු දිනය සැමරීම.
- රුහුණු ප්‍රදීප 2004 සාහිත්‍ය උත්සවය.
- ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය.
- දහම් පාසල් භක්තිගීත සංදර්ශනය.
- ජය පිරිත් දේශනය.
- ශ්‍රි රෝහන සංඝසභා වාර්ෂික උපසම්පදා පූජෝත්සවය.
- රෝහන උත්තම පූජා හරසර.
- 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්ති සර්ව« ධාතු පූජ්‍ය මංගල්‍යය.
- ජය ශ්‍රි බෝධීන් වහන්සේගේ ශාඛාවක් අනුරාධපුරයේ සිට ඉන්දියාවේ බුද්ධගයාවට වැඩම කරවීම.
- 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්ති මහ පෙරහැර.
යන උත්සව සැමරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ අතර මෙම සෑම උත්සවයක් වෙනුවෙන්ම මූල්‍ය අනුග්රහයන් පළ කරන ලද අතර 2003 වසරේ සියළුම බෞද්ධ ආයතන හා රාජ්‍ය ආයතන සමගින් පැවැත්වූ වෙසක් උත්සවයට 15000 කට අධික පිරිසක් සිල් සමාදන්වීමේ කටයුතුවල යෙදවීමට කටයුතු කළ අතර ශීල සමාදානයේ යෙදි සිටි සියළුම පිරිස් වෙනුවෙන් දානමය කටයුතු හා රෝගීන් සදහා අදාල රෝහල්වලට ගොස් ගිලානෝපස්ථාන කටයුතුද සිදු කරන ලදී.
එසේම 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 2011 මැයි 21 දින සංස්කෘතිකාංග සහිත මහා පෙරහැරක් මාතර බෝධිය අසලදී පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමගින් පවත්වන ලද අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමට අනුකූලව රුපියක් ලක්ෂ දහයක මුදලක් පරිත්‍යාග කිරීමත් මෙම ශ්‍රි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවති රාජ්‍ය වෙසක් උත්සවය කොටිකාගොඩ රජමහා විහාරයේ පැවැත් වූ අතර එම විහාරයේ සිල් සමාදන් වු උවැසි උවැසියන් වෙනුවෙන් දිවා දානය පිරිනැමීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට අවශ්‍ය මූල්‍යාධාර සැපයීමත් එසේම මෙම වෙසක් කලාපයට සිව්දෙසින් පැමිණ නේවාසිකව සිය නිර්මාණ දායකත්වය සපයන පිරිස් වෙනුවෙන් ආහාරපාන සැපයීමට පිරිවැය ලබාදීමටත් මෙම පෙරහැර තොරතුරු රුහුණු සේවය ඔස්සේ සජීවීව බැතිබර දායකත්වය හා අනුග්‍රාහකත්වය පළ කිරීම වෙනුවෙන්ද මූල්‍යාධාර සැපයීමද කරන ලදී. එසේම වෙසක් උත්සවයට සමගාමීව සම්බුද්ධ සසුනට ශ්‍රි ලංකා ධරනිතලයට අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයානන් 12 නමක් විෂයයෙහි සමරු ඵලක හා පිරිකර පූජා කිරිම බෝධි ආරඏක සභාවේ පූර්ණ අනුග්‍රහය යටතේ කිරීමටද කටයුතු යොදන ලදී.
එසේම ඉන්දියාවේ කපිලවස්තුපුර සිට • සර්වඥ ධාතු වැඩම කරවීම හා ප්‍රදර්ශනය කිරිම මාතර බෝධීන් වහන්සේ අභියස සිදු කිරිමට මුලින් අපේඏා කොට සාකච්ඡා පැවැත්වු මුත් ආරාඏක හේතුන් මත මෙම ප්‍රදර්ශන කටයුතු මාතර වල්ගම වැවහමන්දුව ඵෙතිහාසික කොටිකාගොඩ රජමහා විහාරයේදි සැප්තැම්බර් 02,03,04 යන දිනයන්හි ප්‍රදර්ශනය කිරිමට කටයුතු යෙදිමත් ඒ සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදිමටත් තීරණය කරන ලදි. මෙම ධාතු ප්‍රදර්ශනයේ මුලික කටයුතු වෙනුවෙන් රු. 500,000$} ක මුදලක්ද පැමිණෙන පිරිස් වෙනුවෙන් අවශ්‍ය පානිය ජලය සැපයිම සම්බන්ධයෙන් රු. 550,000/= ක මුදලක පානිය වතුර බෝතල සැපයිමටත් ඊට අමතරව වෛද්‍යාධාර සැපයිම වෙනුවෙන් අවශ්‍ය බෙහෙත්ද ලබා දිමට කටයුතු කරන ලදි.