රටේ පවතින වර්තමාන වසංගත තත්වය හමුවේ, මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ඉල්ලීම පරිදි, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 17 තුළ දානය ලැබීමට අපහසුකම් ඇති විහාරස්ථාන සහ පිරිවෙන් 170 කට වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රාදේශීය ලේකම්වරු 17 දෙනා හරහා 2020 අප්‍රේල් මස අගදී, මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ලබා දීමට කටයුතු කරන ලදී.

මේ අතර, පාසැල් යන වයසේ දරුවන් 4 දෙනා හෝ ඊට වැඩි ආධාර ඉල්ලා තිබූ පවුල් 70 කට ද මෙලෙස වියළි ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලදී.

මේ සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව රුපියල් දසලක්ෂ දාහතරදහස් පන්සිය විසිඅටක මුදලක් වැය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here