තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මියගිය සිවිල් වැසියන්හට පිං අනුමෝදන් කිරීම සහ දැනට ආබාධිත වී සිටින සියලුම රණවිරුවන්හට නිරෝගී සුවය සහ මානසික සුවපත්භාවය පැතීම මෙන්ම, යුද්ධයේදී සක්‍රීයව දායකත්වය ලබාදී දැනට සුජීවත්ව සිටින රණවිරුවන් හට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට, 2020 මැයි මස 19 වැනි දින සවස ඓතිහාසික මාතර බෝධීන් වහන්සේ අභියසදී, මාතර 3 වන ගැමුණු හේවා බලඇණිය සහ මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, බෝධි පූජාවක් මෙලෙස මාතර බෝධී ආරක්ෂක සභාවේ සංවිධානයෙන් පවත්වන ලදී.

මෙම ආගමික කටයුත්ත සඳහා වැඩම කරනු ලැබූවේ, මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරාධිපති, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයයේ පීඨාධිපති ශාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මහාචාර්ය පූජ්‍යපාද කනත්තේගොඩ සද්ධාරතන නායක ස්වාමීන් වහන්සේ සහ මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාමවාසී පූජ්‍යපාද හතමුනේ නන්දාලෝක ස්වාමීන් වහන්සේලාට, මාතර බෝධි ආරක්ෂක සභාවේ නමස්කාර පූර්වක ගෞරවය පළකර සිටිමු.

තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය ජයග්‍රහණය කර වසර 11ක් පිරීම නිමිත්තෙන්, යුද්ධයේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ…

Posted by Matara Bodhiya on Wednesday, May 20, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here