මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ක්‍රියාත්මක කරන පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ…..

* අන්තර් පාසල් බෞද්ධ සංගමය පිහිටුවීම.

* පාසල් සදහා මූල්‍ය ප්‍රදානය.

* හොදම සහ නිර්මාණශීලී ව්‍යාපෘති වාර් තා සඳහා කුසලාන ප්‍රදානය.

2023.05.12 දින මාතර බෝධි ආරක්ෂක සභාවේදී පවත්වන ලදී.

මෙහිදී මාතර අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි පාසල් 24ක් අතුරින් වල්ගම මහානාම මහා විද්‍යාලය නිර්මාණශීලී ව්‍යාපෘති වාර්තාව වෙනුවෙන් වන ස්වර් ණ සම්මානය හිමිකරගත් අතර , ජාතික පාසල් අංශයේ නිර්මාණශීලී ව්‍යාපෘති වාර්තාව වෙනුවෙන් වන ප්‍රථම ස්ථානය මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයද, දෙවන ස්ථානය මාතර ශාන්ත මරියා කන්‍යාරාමයද, තෙවන ස්ථානය මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයද හිමිකරගත් අතර පළාත් සභා පාසල් අංශයේ ප්‍රථම ස්ථානය මාතර අනුර විද්‍යාලයද, දෙවන ස්ථානය මාතර කොකාවල මධ්‍ය මහා විද්‍යාලයද, තෙවන ස්ථානය මාතර නාදුගල මහා විද්‍යාලය විසින්ද හිමිකර ගනු ලැබීය.

මීට අමතරව මාතර කොට්ඨාසයේ පාසල් 24 ක පාසල් සංවර්ධන සමිති වෙත රුපියල් දස දහස බැගින් රුපියල් දෙලක්ෂ හතළිස් දහසක (240000.00) මුදලක් ලබාදීම මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදුකරන ලදී.

එම පාසල්වල සිසු සිසුවියන්ගේ එකතුවක් ලෙස පිහිටුවනු ලැබූ අනතර් පාසල් බෞද්ධ සංගමයේ සභාපති වරයා ලෙස මාතර රාහුල විද්‍යාලයෙහි මංජි ලියනආරච්චි සිසුවාද, ලේකම් වරිය ලෙස මාතර සුජාතා විද්‍යාලයෙහි W.G.නෙත්මි උපේක්ෂා සිසුවියද තේරී පත්වූ අතර ප්‍රධාන අනුශාසක ලෙස හිටපු විදුහල්පති සාරධර්ම ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවේ ලේකම් විමල් විදානපතිරණ මහතා පත්විය.

මෙම අවස්ථාව සදහා ආගමික හා සාරධර්ම උපදේශක පූජ්‍ය රත්මල්කැටියේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ , මාතර අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් ,බෝධි ආරක්ෂක සභාවේ මහත්වරුන් ,පාසල් 24 හි විදුහල්පතිවරු ගුරුවරුන් සහ සිසු සිසුවියන් එකසිය පනහක් පමණ සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here