විශේෂ පරිත්‍යාග
කීලර් වර්ගයේ Slit Lamp උපකරණය මාතර මහ රෝහලට
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශයේ අක්ෂි රෝග ප්‍රතිකාර ඒකකය සදහා රු.1,050,000.00 වටිනා කීලර් වර්ගයේ Slit Lamp නැමැති උපකරණය 2020 සැප්තැම්බර් මස 08 වන දින මාතර මහ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෙද්‍ය ප්‍රියංග ඉද්දවෙල මහතා වෙත භාරදෙන ලදී.

තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.







