
ඵෙතිහාසික මාතර බෝධිය
දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නා සේක්වා!
ඵෙතිහාසික මාතර බෝධි රාජයා
මාතර බෝධිය ගැන
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන ඵෙතිහාසික පුරාවෘත්තයක් නිහක්‍ෂව කියාපාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඵෙතිහාසික බෝධි රාජයායි.
මාතර ඵෙතිහාසික බෝධි රාජයා ක්‍රි.ව. 515 දී මෙරට රාජ්‍යත්වයට පත්වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැළකෙන කුමාරදාස නිරිඳූ කල දක්වා දිවෙන ඵෙතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ. මෙම මාතර ඵෙතිහාසික බෝධීන් වහන්සේ අනුරාධපුරය විජය (ජය) මහා බෝධි රාජයාණන් වහන්සේගේ ගෝත්‍රයට අයත් වන බව උද්භිද විද්‍යාඥයින් විසින් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

අපේ සත්කාර
ඔබේ ආශිර්වාදය අන් අයට ආශිර්වාද කිරීමට භාවිතා කරන්න.
අකුසල් දහමේ නොයෙදෙන්න. කුසල් දහමේ යෙදෙන්න. තම සිත සුවපත් කරගන්න. මේ වනාහි සියලු බුදුවරුන්ගේ දේශනයයි. මේ සම්මා වායාමය එකී උතුම් වූ බුද්ධ භාෂිතය සමාජගත කිරීමටයි.
ඉදිරි වැඩසටහන්
ඉදිරි වැඩසටහන් පෙළගැස්ම
කෙලෙස්වලින් ආතුරව, ලෙඩ ව ජීවත් වන මිනිසුන් අතුරෙහි අපි කෙලෙස්වලින් ආතුරව, ලෙඩ නොවී ඒකාන්තයෙන් ම ඉතා සුවසේ ජීවත් වෙමු. අපි ආතුර වූ මිනිසුන් මැද අනාතුර ව වෙසෙමු.
අපේ සත්කාර
සුවිශේෂී සත්කාරක වැඩසටහන්
පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි. පරලොවත් සතුටු වෙයි. දෙලොවම සතුටු වෙයි. මා විසින් පිනක් කරන ලදැයි සිතා සතුටු වෙයි. හෙතෙම මරණින් මතු සුගතියට ගොස් සතුටු වන්නේ ය.

මාතර බෝධියට පුණ්‍යාධාර ලබා දීමට
හැකි පහසුම මග
මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සිදු කරන ශාසනික හා සමාජීීය සේවා වෙනුවෙන් පුණ්‍යාධාර ප්රදානය මෙම QR කේතය ස්කෑන් කිරීම මගින් ප්රදානය කල හැක. මේ සඳහා ඔබගේ ජංගම දුරකතනයේ LankaQR හරහා ගෙවීම් කරන මොනම බැංකුවකට හෝ අයත් App එකක් භාවිතා කල හැක. ඔබගේ ප්රදානය එසැනින් මාතර බෝධි ආරක්ෂක සභාවේ NSB ශාඛාවේ ගිණුමට බැර වෙනු ඇති. තෙරුවන් සරණයි!
නවතම විස්තර
නවතම පුවත් සහ සිදුවීම්
යම් කෙනෙක් බුදුන් විසින් මනා කොට වදාළ ධර්මය දැන ඒ අනුව පවතිත් ද, ඔවුහු ඉතා අමාරුවෙන් එතෙර කළ යුතු සංසාර සාගරය තරණය කොට නිවනට පැමිණෙති.

දෙසැම්බර් 16, 2025
ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලැබූ සහන සේවා සැලසීමේ වැඩසටහන

දෙසැම්බර් 16, 2025
ස්වාමීන් වහන්සේලා 100 නමක් සදහා හීල්දානමය පිංකම

දෙසැම්බර් 16, 2025
සර්ව රත්රික පරිත්‍රාණ ධර්ම දේශනාව






මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.

