Wymogi dostępności cyfrowej

Rosnące standardy dostępności (WCAG) zaczynają dotykać także branży iGaming; strony kasynowe powinny być czytelne dla osób z Ice polska większą czcionką, mieć alternatywy tekstowe i unikać nadmiernych animacji utrudniających odbiór treści.

Popularność bankowości mobilnej

W Polsce ponad 19 mln osób loguje się do banku wyłącznie z telefonu, co przekłada się na fakt, że 75–80% depozytów w serwisach takich jak GG Bet realizowanych jest z poziomu aplikacji bankowych.

Rankingi społeczności i tablice wyników

Niektóre nowe sloty wykorzystywane są w turniejach z tablicami Beep Beep 66 wyników; udział w takich eventach może sięgać 5–10% aktywnej bazy kasyna, a minimalny wynik wejścia do rankingu bywa liczony w tysiącach spinów.

Tron i TRC20 w iGaming

Ze względu na bardzo niskie opłaty i szybkie bloki sieć Tron (TRX, USDT-TRC20) stała się jedną z Vulcan Vegas bonuscode najpopularniejszych opcji depozytów w kasynach offshore; fee wynosi często poniżej 0,05 USD i jest stałe nawet przy większym obciążeniu.

Wykorzystanie Cloudflare i CDN

Technicznie wiele polskich serwisów iGaming wykorzystuje Cloudflare, CDN i geofencing, aby poprawić czas ładowania i chronić się przed blokadami DDoS; podobną infrastrukturę może stosować projekt kasynowy typu Bison apk.

Trend: blokowanie płatności do kasyn offshore

Nowelizacje i wytyczne MF coraz częściej obejmują blokady płatności kartami oraz przelewami Lemon promo code na rzecz domen znajdujących się w rejestrze; banki i operatorzy PSP są zobowiązani filtrować transakcje, co znacząco utrudnia finansowanie gry w kasynach offshore.

EEAT – transparentność operatora

Strony budujące EEAT w YMYL – także kasynowe – podają dane właściciela, jurysdykcję, licencje, linkują do regulatora oraz raportów H2GC lub EGBA; taki standard transparentności powinna spełniać również witryna typu Bet kod promocyjny, jeśli celuje w długoterminowe SEO.

’දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ ප්‍රෞඩත්වය හා අදීනත්වය තහවුරු කිරිම පිණිස සිය ජීවනෝපායක යෙදීමට බැරි අසරණයිනට ස්වාධීන ලෙස ස්වයං රැකියාවක නිරත කිරිමට අතහිතදීමටත්, ළදරු පරපුරේ ඉදිරිය ධර්මානූකූලව හැඩ ගැස්වීමේ පරමාර්ථය සාක්ක්ෂාත් කිරීමට මඟපෙන්වීමටත්, විරැකියාව තුරන් කොට තරුණ අසහනයෙන් තරුණ පිරිස් මුදවා ගැනීමේ පරමපවිත්‍ර චේතනාවෙන් දියත් කළ ප්‍රජා මෙහෙවර යටතේ ප්‍රතිලාභ ලැබූ පිරිස බොහෝ වේ’.

01. ආබාධිත වූවනට තම ජීවනෝපාය වෙනුවෙන් ත්‍රී රෝද බයිසිකල් සැපයීම.

පාසැල් දරුදැරියන්ට නොමිලේ ඇස් කණ්ණාඩි සැපයීම හා වැඩිහිටියන්ට නොමිලේ ඇස් කණ්ණාඩි සැපයීම ආරම්භයේ සිටම සිදුකරන ලද අතර, පාද ආබාධ නිසා හෝ පාද අහිමිවීම නිසා හෝ අසරණ තත්වයට පත් ආබාධිතයිනට ඔවුන්ගේ ජීවනෝපාය සදහා අනුන්ට අතපෑම වැලැක්වීමේ පියවරක් ලෙස ත්‍රීරෝද බයිසිකල් බෙදාදීමද ආරම්භ කරන ලදී. දුර්ලභ වූ මනුෂ්‍යත්වයේ ප්‍රෞඩත්වය හා අදීනත්වය තහවුරු කිරීම පිණිස ගත් මෙම සහන සේවාව තවදුරටත් ව්‍යාප්ත කරන ලදී. පාද ආබාධ නිසා ජීවනෝපායක යෙදීමට බැරි අසරණයින්ට ස්වාධීන ලෙස ස්වයං රැකියාවක නිරත කරවීමට ධෛර්යදීමක් වශයෙන් මුළු දිස්ත්‍රික්කයම පුරා ආවරණය වන පරිදි සාධාරණ පදනමක් මත මෙම ත්‍රීරෝද බයිසිකල් තොගය පෑලියගොඩ නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති සාමවිනිසුරු    එච්. කේ. ධර්මදාස මැතිතුමාගේ පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු අතර ගරු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ අතින් 1986 වර්ෂයේ පෙබරවාරි මස අතිඋත්කර්ෂවත් අන්දමින් බෙදා දෙන ලදී. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ කාර්මික ව්‍යාපෘතියේ නිර්මාතෘ වූ පූජ්‍ය ගලබඩ ඥානිස්සර හිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය යටතේ නිෂ්පාදන වියදම පමණක් ගෙවීමෙන් තවත් ත්‍රීරෝද බයිසිකල් තොගයක් ලබාගත් අතර එම තොගයද අඩු ආදායම්ලාභී පාද අහිමිවූ අය වෙත තම ජීවනෝපාය සවිමත් කිරීමට බෙදා දෙන ලදී.

02. බෞද්ධ විහාරස්ථාන අනුබද්ධ ළදරු පාසල් පිහිටුවීම.

තවද ළදරු පරපුරේ ඉදිරිය ධර්මානුකූලව හැඩගැස්වීමේ පරමාර්ථයෙන් මාතර, හම්බන්තොට දෙදිසාවේ මහා සංඝරත්නය අනුග්‍රහය ඇතිව ’ බෞද්ධ විහාරස්ථාන අනුබද්ධ ළදරු පාසල් ‘ ස්ථාපිත කර පවත්වාගෙන යාම සහ ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් හා උපකරණ සැපයීම  බෝධි ආරක්ෂක සභාවේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කරන ලද අතර, මේ සඳහා අවශ්‍ය පොත්පත් හා සියලු උපකරණ කොළඔ හුණුපිටියේ ගංගාරාමයේ ගරු පූජ්‍ය ගලබොඩ «ානිස්සර මාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් එක්තැන් කළ දානපති පිංවතුන් පිරිසකගේ අනුග්‍රහයෙන් ලබා ගන්නා ලදී.

03. රැකියා විරහිත තරුණ තරුණියනට විශේෂ පාඨමාලා ක්‍රියාත්මක කිරීම.

ප්‍රදේශයේ රැකියා විරහිත උගත් තරුණ, තරුණියන් සඳහා මුදල් අය කිරීමකින් තොරව විශේෂ පාඨමාලා පද්ධතියක් ආරම්භ කොට පුහුණුව ලැබු ආධුනිකයින් රැකියා මගට යොමු කිරීමටද කටයුතු කරන ලදී. 1989 ජනවාරි මාසයේ රැකියා විරහිත උගත් තරුණ පිරිස වෙනුවෙන් ’කාර්යාල සහ වාණිජ ෙක්ෂ්ත්‍රයට’ අදාළ ’ලේකම් පුහුණු පාඨමාලා පුහුණු අභ්‍යාස ආයතනයක්’ මාතර, නූපේ පැරණි වෙළද පොළ ගොඩනැගිල්ලේ ආරම්භ කරන ලද අතර • ජිනරතන අධ්‍යාපන පාලක සභාවේ මෙහෙයුම යටතේ ඉල්ලුම්කරුවන් දහස් ගණනක් ලියාපදිංචි කොට කෙටිකාලීන පාඨමාලා ක්‍රියාත්මක කොට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකුට රජයේ හා පුද්ගලික ආයතනවල සේවා සදහා යොමු කිරීමත් එමගින් ස්ථිර රැකියා ලබාදීමෙන් විරැකියාව තුරන් කොට තරුණ අසහනයෙන් තරුණ පිරිස් මුදවා ගැනීමට මහඟ= මෙහෙවරක් බෝධි ආරක්ෂක සභාව මගින් ඉටු කරන ලදී.

04. මාපිය කැපකරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම

1992 වර්ෂයේ පෙර සිට සෙවන සරණ මාපිය කැපකරු ක්‍රමය ආරම්භ කළ අතර, එම ව්‍යාපෘතිය යටතේ ආධාර උපකාර කරන ලද අතර,

            1992  වර්ෂය තුළ        රු.  240,000/=
            1993  වර්ෂය තුළ        රු.  240,000/=
            1994  වර්ෂය තුළ        රු.   60,000/=
            1995  වර්ෂය තුළ        රු.  120,000/=
            1996  වර්ෂය තුළ           රු. 300,000/=  ක මුදලක් බෝධි ආරක්ෂක සභාව මගින් පරිත්‍යාග කර ඇත. මෙම සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය යටතේ ළමයින් 180 දෙනෙකුට ආධාර උපකාර කර ඇත.

05. වැඩිදුර අධ්‍යාපනයට ආධාර කිරීම.

     විශ්ව විද්‍යාලයට තේරි පත් වූ මූල්‍ය අපහසුතා හේතුවෙන් සිය අධ්‍යාපන කටයුතු කරගැනීමට අපහසු වු දුවාදරුවන් වෙනුවෙන්ද සහන සැලසීමේ ව්‍යාපෘතියක් බෝධි ආරක්ෂක සභාව විසින් ආරම්භ කර ඇත. මේ යටතේ,

  • කඔුරුගමුව රුවනි දිල්රුක්ෂි විතාන ශිෂ්‍යාවට තම විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසාදීමත්,
  • යටියන, හොරෙන්දුව ඩයස් විලාහි කේ. ජී. නයනා ජීවන්ති ඩයස් ශිෂ්‍යාව වෛද්‍ය විද්‍යාලයට තේරී පත්වූවත් තම ආර්ථික ගැටළු හේතුවෙන් එම කාර්යය කිරීමට අපහසුවීම මඟහැරවීමට අවශ්‍ය සම්පත් දායකත්වය ලබාදීමටත්,
  • ගාල්ලේ වැලිවත්ත විජයානන්ද පිරිවෙන්වාසී තාක්ෂණ කොමිසමේ සභාපති පූජ්‍යපාද පිටිදුවේ සිරිධම්ම වහන්සේට සිය වැඩිදුර අධ්‍යාපන කටයුතු කිරීමට මූල්‍යාධාර සැපයීමත්,
  • 2002 වසරේ පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් දික්වැල්ල පියුමි මධුෂානි විතාරණගේ සිසුවියට තම අධ්‍යාපන කටයුතු තව දුරටත් කරගෙන යාමට මූල්‍යාධාර සැපයීමත්,
  • මියගිය රණවිරු පවුල්වල දරුවනට ඉගෙනුමට අවශ්‍ය පොතපත හා ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමත් බෝධි ආරක්ෂක සභාව මගින් සිදු කරන ලදී.

06. නිවුන් දරු සහන.
 
        නිවුන්දරු උපත් වෙනුවෙන් දිරිය මාතා වැඩසටහන යටතේ අදාළ පරිත්‍යාගයන්ද කරන ලද අතර,

  • මිරිස්ස බණ්ඩරමුල්ල කේ. එච්. බන්දුපාල මහතාගේ දරු තිදෙනාට මාස 06 කට අවශ්‍ය ඇන්කර් පිටි හා මාමයිට් ආදී පෝෂ්‍යදායි ආහාර ද,
  • තෙලිජ්ජවිල මළුපැල්ල සමගි සෙවණ මනෝලා නිල්මිණි මහත්මියගේ තුන් නිවුන් දරුවන්ට මාස 06 ක කාලයකට අවශ්‍ය පිටිකිරි හා මාමයිට් ආදී පෝෂ්‍යදායි ආහාර ද,
  • තෙලිජ්ජවිල ඇල්ගිරිය දෙනිය පිටිවිලහේන එන්. ඒ. ගුණදාස මහතාගේ තුන් නිවුන් දරුවන් වෙනුවෙන් මාස 06 ක කාලයකට අවශ්‍ය පිටිකිරි හා මාමයිට් සැපයීමෙන්ද,
  •  
  • ඌරුගමුව දංදෙණිය ඉහලඟ පී. ටී. චන්ද්‍රසිරි මහතාගේ සිව් නිවුන් දරුවන් නඩත්තු කිරීම වෙනුවෙන් එන්ෆාග්‍රෝ ්+ කිරිපිටි ග්‍රැම් 900 ටින් 03 ක් බැගින් මාස 04 කට ලබාදීමටද කටයුතු යොදන ලදී.

07. උතුරේ අවතැන් වූ අපේම ජනතාවට වියළි ආහාර ප්‍රදානය කිරීමේ උදාර මානුෂීය   මෙහෙවර.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු සම්බන්ධීකාරක පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම මත උතුරේ අවතැන්වු අපේම ජනතාව ජීවත් කරවීමට මාතර බෝධි ආරක්ෂක සභාවේ මූලිකත්වයෙන් මාතර තරුණ     බෙෘද්ධ සමිතිය, මාතර කඩවත්සතර බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලය, සරණ ප්‍රජා සංවර්ධන පදනම, රුහුණ විශ්ව විද්‍යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර මහ නගර සභාව, අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එකමුතුවෙන් දියත් කරන ලද උදාර මානුෂීය මෙහෙවර වෙනුවෙන් රු. 253,925/=ක් වටිනා සම්බා සහල්, පරිප්පු හා තුනපහ වර්ග, කිරිපිටි හා බිස්කට් වර්ග, වතුර බෝතල් ඇතුළත් ආහාර ප්‍රදානය බෝධි ආරක්ෂක සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සේවක මණ්ඩලය වවුනියාවේ කඳවුරුවලට ගොස් සියතින්ම පරිත්‍යාග කිරීමට කටයුතු යොදන ලදී. මෙම ප්‍රවාහන කටයුතු වෙනුවෙන් වැය වූ මුදල ගරු සභාපතිතුමා විසින් සිය ධන පරිත්‍යාගයෙන් ලබාදීමෙන් කෘතවේදීත්වය පළ කරන ලදී.

08. සමාජ සේවාවෙහි නිරත වු ආයතන වෙනුවෙන් පහසුකම් ලබා දීම.

සමාජ සේවාවන්හි හා ආගමික මෙහෙවරෙහි නිරත සංවිධාන වු දක්ෂිණ බෙෘද්ධ සම්මේලනය, රජයේ විශ්‍රාමිකයින්ගේ සංගමය, සිංහ සමාජ වැනි සංවිධාන විටින් විට කාලීනව බෝධිය අභියස ධර්ම ශාලාවේ හමුවෙමින් එම සංවිධානවල සාකච්ඡා හා ශිෂ්‍යත්ව වැනි සමාජ මෙහෙවරයන් පවත්වාගෙන යාම වෙනුවෙන් තම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.

09. මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමය හා ස්වාධීන ජනමාධ්‍යවේදී සංගමය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීම.

මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමය හා ස්වාධීන ජනමාධ්‍යවේදී සංගමය වෙනුවෙන් වාර්ෂිකව මුද්‍රණය කරනු ලබන දින දර්ශනය වෙනුවෙන් පෙර වර්ෂවලදී මෙන් මූල්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු කරන ලදී.

10. බටුවිට ශ්‍රි නන්දාරාම අනුස්මරණ ජන සත්කාරක වැඩසටහන.

බටුවිට ශ්‍රි නන්දාරාම අනුස්මරණ ජන සත්කාරක වැඩසටහන යටතේ පරිත්‍යාගයක් ලබා දෙන ලෙස පෙර දිස්ත්‍රික් ලේකම් ගාමිණී ජයසේකර මහතා විසින් කරන ලද ඉල්ලීමට අනුකූලව මහජනාධාර ලබාගත් 40 දෙනෙකු සඳහා මසකට රු. 100/= බැගින්ද රු. 4,000/=ක මුදලක් මාසිකව වර්ෂයක කාලපරිච්ඡේදයකට රු. 48,000/=ක් ලබාදීමේ ක්‍රමවේදය මත ලබාදීමටද අදාළ කාලපරිච්ඡේදය තුළ කටයුතු කරන ලදී. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here