ඉතිහාසය

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන ඵෙතිහාසික පුරාවෘත්තයක් නිහක්‍ෂව කියාපාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඵෙතිහාසික බෝධි රාජයායි.
කොළඹ සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගනයට මුහුණලා පිහිටා ඇති මේ පරම පූජනීය මාතර ඵෙතිහාසික බෝධි රාජයා ක්‍රි.ව. 515 දී මෙරට රාජ්‍යත්වයට පත්වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැළකෙන කුමාරදාස නිරිඳූ කල දක්වා දිවෙන ඵෙතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ.

මාතර
ඓතිහාසික බෝධිරාජයා

ක්‍රි.ව.515 තරම් ඈතට දිවයන ‍‍ඓතිහාසික පසුබිමක් සහිතව මාතර නගර මධ්‍යයේ විරාජමානව බැබළෙන්නාවූ තථාගත ලොව්තුරා අමාමෑණී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සංකේතයයි.

මාතර
බෝධි ආරක්ෂක සභාව

මාතර බෝධි රාජයාගේ පැවැත්ම හා ආරක්ෂාව සඳහා 1962 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුනු සංවිධානයකි.

සභාවේ
සමාජ මෙහෙවර

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෙනත් බෞද්ධ සංවිධාන වලට පූර්වාදර්ශය ලබා දෙමින් රට, ජාතිය, සමිබුද්ධ ශාසනය රැක ගැනීම සඳහා තම ශක්තිය ධෛර්යය කැපකිරීමට සමාජය මෙහෙය වීම.

පොදුජන මෙහෙවර

  • ශිෂ්‍යත්ව ප්‍රධානය
  • පෙරහුරු සම්මන්ත්‍රණ
  • මහ රෝහල සංවර්ධන කටයුතු
  • අසරණ රෝගීන්ට නොමිලයේ බෙහෙත් ලබාදීම
  • නෙත් පහන වැඩසටහන
  • දහමි පාසල් අධ්‍යාපනය නගා සිටුවීම
  • ශාසනික, සංස්කෘතික, සමාජයීය පරිත්‍යාගයන්
  • බුද්ධ ධර්මය ඉගැන්වීමේ ව්‍යාපෘතීන්
  • බෝධි පූජා, ධර්ම දේශනා, භාවනාමය වැඩසටහන්
  • පුස්තකාල සේවාව

පුණ්‍යානුමෝදනාව

  • මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නයට
  • පිංකම් සඳහා ද්‍රව්‍යමය ආධාර සපයාදුන් සැමට
  • පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට හා සියලුම ගරු සාමාජික මහත්වරුන්ට
  • සේවා, පරිත්‍යාග හා මුදල් ආධාර පිරිනැමීමෙන් සහයෝගය දුන් සැමට
  • නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට
  • රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට
  • සාමාජිකත්ව මණ්ඩලයට හා කාර්ය මණ්ඩලයට
  • යහපත් පුරවැසියන්ට