Wymogi dostępności cyfrowej

Rosnące standardy dostępności (WCAG) zaczynają dotykać także branży iGaming; strony kasynowe powinny być czytelne dla osób z Ice polska większą czcionką, mieć alternatywy tekstowe i unikać nadmiernych animacji utrudniających odbiór treści.

Popularność bankowości mobilnej

W Polsce ponad 19 mln osób loguje się do banku wyłącznie z telefonu, co przekłada się na fakt, że 75–80% depozytów w serwisach takich jak GG Bet realizowanych jest z poziomu aplikacji bankowych.

Rankingi społeczności i tablice wyników

Niektóre nowe sloty wykorzystywane są w turniejach z tablicami Beep Beep 66 wyników; udział w takich eventach może sięgać 5–10% aktywnej bazy kasyna, a minimalny wynik wejścia do rankingu bywa liczony w tysiącach spinów.

Tron i TRC20 w iGaming

Ze względu na bardzo niskie opłaty i szybkie bloki sieć Tron (TRX, USDT-TRC20) stała się jedną z Vulcan Vegas bonuscode najpopularniejszych opcji depozytów w kasynach offshore; fee wynosi często poniżej 0,05 USD i jest stałe nawet przy większym obciążeniu.

Wykorzystanie Cloudflare i CDN

Technicznie wiele polskich serwisów iGaming wykorzystuje Cloudflare, CDN i geofencing, aby poprawić czas ładowania i chronić się przed blokadami DDoS; podobną infrastrukturę może stosować projekt kasynowy typu Bison apk.

Trend: blokowanie płatności do kasyn offshore

Nowelizacje i wytyczne MF coraz częściej obejmują blokady płatności kartami oraz przelewami Lemon promo code na rzecz domen znajdujących się w rejestrze; banki i operatorzy PSP są zobowiązani filtrować transakcje, co znacząco utrudnia finansowanie gry w kasynach offshore.

EEAT – transparentność operatora

Strony budujące EEAT w YMYL – także kasynowe – podają dane właściciela, jurysdykcję, licencje, linkują do regulatora oraz raportów H2GC lub EGBA; taki standard transparentności powinna spełniać również witryna typu Bet kod promocyjny, jeśli celuje w długoterminowe SEO.

’අතිශයින්ම දුර්ලභව ලද මේ මිනිස් දිවියේ සනාතන රැකවරණය උදෙසා තම චින්තනය මෙහෙයවා ගැනීමේ හැකියාවෙන් යුතු භාග්‍ය සම්පන්න මිනිසුනට සදහම් අවබෝධයට අතහිතදීමේ පරම පවිත්‍ර චේතනාවෙන් බෝධි ආරක්ෂ සභාව මගින් දියත් කළ මෙහෙවරකි’

මාතර කඩවත්සතර හා වැල්ලබඩ පත්තුවේ ශාසනාරක්ෂක සභාව සෑම ඉරු දිනකම සහ පුන් පොහොදා දිනකම සන්ධ්‍යා සමයෙහි බෝධි මළුවේ ධර්ම දේශනා පැවැත්වීමට බෝධි ආරක්ෂ සභාවෙන් 1982 වර්ෂයේදී ඉල්ලා සිටියෙන් ඒ සඳහා පූර්ණ සහයෝගය ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් නියම කර ගන්නා ලද මාතෘකා යටතේ මහා සංඝරත්නය ලවා ධර්ම දේශනා පවත්වන ලදී. මෙම වැඩ පිළිවෙළ නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති ශ්‍රී සුදර්ශි පරිවේනාධිපති පූජ්‍ය පණ්ඩිත කඩවැද්දුව පේමරතන නායක මාහිමිපානන් වහන්සේ හා ගරු ලේඛකාධිකාරී අතුරලියේ ඉන්දරතන නාහිමිපාණන් වහන්සේ විසින් පිළියෙළ කරන ලදී.

1983 වර්ෂයේදී මෙම වැඩපිළවෙළ තාවකාලිකව අඩාල වූ බැවින් බෝධි ආරක්ෂ සභාව මේ වැඩපිළිවෙළට සෘජු දායකත්වය දරමින් නොකඩවා එම කාර්යය තවදුරටත් ගෙනයාමට පූර්ණ අනුග්‍රහය දක්වන ලදී. එසේම තවත් පියවරක් ලෙසින් මෙසේ පැවැත්වෙන ධර්ම දේශනාවන් බණ ඇසීමට පැමිණෙන සැදැහැවතුනට සරල බසින් මුද්‍රණය කොට ඔවුන් අතර බෙදා හැරීමටද කටයුතු කරන ලදී.

1985 වර්ෂයේ සිට ඉරු දිනවලට හා පුන්පොහෝ දිනකට සීමා වී, තිබූ ධර්ම දේශනා සතියේ අනෙකුත් දිනවලද මුළු සතිය පුරාම පැවැත්වීමට කටයුතු පිළියෙළ කළ අතර, මෙම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමඟ ඒ සඳහා ධර්ම ශාලාවක් ඉදිකිරීමේ අවශ්‍යතාවය පැන නැගුනෙන් 1985 වර්ෂයේදි එම ධර්මශාලාවේ වැඩකටයුතුද නිම කොට 1985 ජනවාරි 01 දිනට පෙර දින සර්ව රාත්‍රික ධර්ම දේශනාවක් පවත්වා පසුදින සංඝගත දක්ෂිණාවක් පවත්වා දැනට බෝමළුවේ ඉදි කොට ඇති ධර්මශාලාව සංඝරත්නයේ ආගමික රැස්වීම්වලටද භාවිතා කිරීමට කටයුතු යොදන ලදී.

බෝධින් වහන්සේ අභියස ධර්ම ශාලාවේ පැවැත්වෙන ධර්ම දේශනා බෙහෙවින් ජනප්‍රිය වු අතර, ඉරිදා හා පොහොය දිනවල බණ ශ්‍රවණය කිරීමට බෝමළුවට පැමිණීම බෞද්ධයන්ගේ ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත් වූ අතර, මෙම ධර්ම දේශනා මාලාවන් ධර්ම ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය කර නොමිලේ ශ්‍රාවක මහත්ම මහත්මීන්ට බෙදාදමට කටයුතු කරන ලදී.1983 පෙබරවාරි 13 දින සිට 1983 සැප්තැම්බර් 25 වැනි දින තෙක් පැවැත්වූ ධර්ම දේශනා 30ක් අන්තර්ගත කොට ’බෝ සෙවනේ බණ’ නමින් ප්‍රථම කාණ්ඩය එළිදක්වන ලදී.

  මෙම සත් කාර්යයෙහි පූර්ණ වගකීම මාතර කොටුව මිගදාය සිරි රතනපාල පරිවේනාධිපති හා මැද්දවත්ත ඉසිපතනාරාමාධිපති ශාස්ත්‍රවේදි පණ්ඩිත තලහගම ඥානරතන හිමිපාණන්ට හිමිවන අතර මෙම කෘතවේදීත්වය පිළිබඳව එම හිමිපාණන්ට චිරජිවනය ප්‍රාර්ථනා කරමි. මෙම ධර්ම දේශනා වැඩසටහන තව දුරටත් ව්‍යාප්ත කොට මෑත කාලයේදී වියත් ධර්මධර භික්ෂූන් වහන්සේලා කැඳවා ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු කරන ලදී.

එසේම සෑම මසකම පළමුවන සෙනසුරාදා පෙව 7.00 සිට පෙව 11.00 දක්වා මාතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේදී විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ භාවනා වැඩසටහනක් පවත්වනු ලබන අතර පේරාදෙණිය හිඳගල මහකන්දේ ශ්‍රී සමාධී භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණ විහාරය ඌව පරණගම ලුණු වත්තේ සිළුමිණ විහාරය යන උභය විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ති‍්‍රපිටකාචාර්ය පූජ්‍යපාද මහමෙව්නාවේ මංගල ස්වාමීන් වහන්සේ විසින් එම භාවනා වැඩසටහන මෙහෙයවනු ලබති.

තවද සෑම මසකම දෙවන සෙනසුරාදා උඩමලල හම්බන්තොට ඓතිහාසික පූජනීය වු වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සුපිරිසිදු බුදු දහම රැකගනිමින් ශික්ෂාකාමී සිල්වත් ගුණවත් ධර්මධර ප්‍රතිපත්තිගාමි සදහම් වැඩසටහනක් දියත් කිරීමද සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී සිදුකරන ලදී. මෙම පිරිස් වෙනුවෙන් උදෑසන හා දහවල දානමය කටයුතු ප්‍රදේශයේ දානකාමී පිරිස් හරහා ලබාදිමේ ක්‍රමවේදයක්ද සලසාලමින් උදාර ආගමික මෙහෙවරක් ඉටුකිරිමටද කටයුතු සලසන ලද අතර මෙම වැඩසටහන සඳහා සහභාගී වන දහමට ලැදි පිරිසගේ වර්ධනයක්ද දක්නට ලැබුණි.

එසේම ගනේමුල්ල කිරිඳිවිට පාර ආනන්ද බෝධි ධර්මායතනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පාතේගම සුමනරතන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන විශේෂ භාවනා වැඩසටහනක්ද 2013 ජූලි මස සිට මෙම පූජනීය ස්ථානයේ සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මීට අමතරව සතිපතා පැවැත්වෙන පරිත්‍රාන ධර්ම දේශනාව එලෙසම පවත්වාගෙන යන ලද අතර මෙම පුණ්‍ය කටයුත්ත දිගටම පවත්වාගෙන යාමට මාතර පහළ පීක්වැල්ලේ පන්ථාරාම පුරාණ විහාරාධිපති අස්මදාචාර්ය දර්ශන විශාරද • සද්ධර්ම වාගීස්වරාචාර්ය දර්ශන විශාරද පණ්ඩිත ඌරුමුත්තේ සෝමරථනාභිධාන නායක හිමිපාණන් වහන්සේගෙන් ලද නොමඳ පිටිවහල මෙහිදී සිහිපත් කිරිම වටී. මෙම සති පිරිත් දේශනාව ශ්‍රවණය කිරිමෙන් මානසික සුවතාව ලද පිරිස් නොකඩවා බෝමළුවට ඇදි ඒමද ප්‍රකට සිදුවීමක් විය.

එසේම එදා මෙදාතුර බෝමළුවේදි අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් දේශිත ධර්ම දේශනා සදහා පැවති ඉල්ලුම හේතුවෙන් එම ධර්ම දේශනා පටිගත කොට බොදු ජනතාව වෙත සහන මිලකට ලබාදීමටද ක්‍රමවේදයක් සකස් කරන ලදී. මෙම පහසුකම තවදුරටත් ව්‍යාප්ත කරලීමේ අපේක්ෂාවෙන් පවත්නා ඉල්ලුමට අනුකූලව නවීන තාක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් CD තැටි උපයෝගී කොට ගෙන පටිගත කරන ලද ධර්ම දේශනා බෙදාහැරිමටද කටයුතු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here