දැනුමින් කුසලතාවයෙන් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීමේ මාහැගි අරමුණින් යුතුව මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මාතර දිස්ත්‍රික්කයෙහි ‍පදිංචි අඩු ආදායම් ලාභී පවුල්හි අධ්‍යාපනය හදාරන සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වාර්ෂිකව සිදුකරනු ලබන ශිෂ්‍යයත්ව ප්‍රධාන උත්සවය මෙවරත් 2023.03.31 දින 25 වන වරට පැවැත්විණි.

මෙහිදී අ.පො.ස (උසස් පෙළ) සුදුසුකම් ලැබූ අඩු ආදායම් ලාභී පවුල්හි සිසු දරු දැරියන් 46 දෙනෙකු සදහා එක් අයෙකු සදහා රුපියල් හතළිස් අට දහස (48,000.00) බැගින් රුපියල් විසි දෙලක්ෂ අට දහසක (2,208,000.00) මුදලක්ද, විශ්ව විද්‍යාල වරම් ලැබූ අඩු ආදායම් ලාභී පවුල්හි සිසු දරු දැරියන් 30 දෙනෙකු සදහා එක් අයෙකුට රුපියල් තිස් පන් දහස බැගින් (35000.00) රුපියල් දස ලක්ෂ පනස් දහසක (1,050,000.00) මුදලක්ද වශයෙන් අද දින තුළදී පමණක් ශිෂ්‍යත්ව වෙනුවෙන් රුපියල් තිස් දෙලක්ෂ පනස් අට දහසක (3,258,000.00)ක මුදලක් ප්‍රදානය කිරීම සිදුකරන ලදි.

මේ දක්වා 1994 වසරේ සිට අ.පො.ස.(උසස් පෙළ) සුදුසුකම් ලැබූ සිසු දරු දැරියන් 1375 දෙනෙක් සදහා හා 2001 වසරේ සිට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 512 නමක් සදහා හා 2010 වසරේ සිට සරසවි වරම් ලැබූ සිසු දරු දැරියන් 222 දෙනෙකු සදහා වශයෙන් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකර ඇති අතර මෙහිදී මේ සදහා රුපියල් හාරකෝටි පහළොස් ලක්ෂ එකොළොස් දහසක (41,511,000.00) මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් ප්‍රදානය කර ඇත.

මෙවරත් 25 වන වරට පැවති ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවය සදහා මාතර මහා මන්තින්ද පිරිවෙන්හි හා කොටුව මිගදාය පිරිවෙන්හි උභය විහාරාධිපති ගරු තිස්සමහාරාමයේ ඉන්ධානන්ද ස්වාමීන් වහන්සේ , මහා මන්තින්ද පිරිවෙනෙහි පරිවේනාධිපති ගරු මාලිම්බඩ සමිත ස්වාමීන් වහන්සේ ,ශිෂ්‍යත්ව ලාභී සිසු දරු දැරියන් සමග ඔවුන්ගේ දෙමාපියන් හා බෝධි ආරක්ෂක සභාවේ ගරු සභාපති තුමන් ප්‍රධාන නිලධාරී මණ්ඩලය හා සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here