ආගමික පසුබිමක් තුළ දේශීය අනන්‍යතාවය හා අපේ සංස්කෘතිය අගයන දැහැමි හික්මුණු අනාගත පරපුරක් දහම් පාසල් අධ්‍යාපනය තුළින් බිහිකර එමගින් පතිරූප දේශයක් බිහිකිරීමේ අපේක්ෂාවෙන් ,

  • මාතර දිස්ත්‍රික්කය තුළ පවත්වාගෙන යනු ලබන දහම් පාසල්වල වාර්ෂිකව පවත්වනු ලබන     ත්‍යාග ප්‍රදානෝත්සවයන් වෙනුවෙන් පිටු 80 අභ්‍යාස පොත් දුසිම් 6 බැගින් එක් එක් දහම් පාසලකට ලබාදීමත්.
  • මාතර දිස්ත්‍රික්කයේ දහම් පාසල් තරඟ මාලාවේ ජයග්‍රහණය ලැබූ දරුවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරිමත්.
  • දිස්ත්‍රික් දහම් පාසල් තරඟ විනිශ්චය සදහා පැමිණෙන නිළධාරින්ට අවශ්‍ය ආහාරපාන සැපයීමත්.
  • සමස්ථ ලංකා දහම් පාසල් තරඟ සදහා මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුදරුදැරියන් 39 දෙනෙකු පුහුණු කිරිම සදහා අවශ්‍ය සම්පත් දායකත්වය ලබාදීමත්.
  • දහම් පාසල් ගුරු සැසි පැවැත්වීමෙන් දහම් පාසල් අධ්‍යාපනය විධිමත් කිරිමත් සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ ඉටු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here