බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමින් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමි. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුˆ පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමි.