මාතර අවට සිටින ආබාධ සහිත දරුවන් සඳහා ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් මාතර බෝධි ආරක්ෂක සභාව මගින් මෙහෙයවනු ලබන කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් මාතර නූපේ, කුමාරතුංග මාවතේ පිහිටුවා ඇති අතර මෙම මධ්‍යස්ථානය මගින් දරුවන්ගේ අවශ්‍යතාව අනුව කුසලතා සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.
මේ සඳහා මාතර අවට පදිංචි ඔබගේ දරුවා ද ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙහි පහත දක්වා ඇති අයදුම්පත පුරවා රාජකාරී වේලාව තුල මාතර බෝධි ආරක්ෂක සභාවේ කාර්යාලයට ගෙනවිත් බාරදෙන්න.
මෙම අයදුම්පත මාතර බෝධි ආරක්ෂක සභාවේ කාර්යාලයෙන්ද ලබාගත හැක.





