ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රථම වරට දක්ෂිණ ප්‍රදේශයට වැඩම කරවීම පිළිබඳව උත්සවය 2005. 08. 30 වන දින මාතර ඓතිහාසික බෝධීන් වහන්යේ ඉදිරිපිට පැවැත්වීමත් උන් වහන්සේ පිළි ගැනීම අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමත් එ් හේතුව මතම දළදා මාලිගාවෙන් වැලිගම චාර්ලි මවුන්ට් වත්තේ සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් නිවාස 50 ක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ සියයක මුදලක් පෙර දිස්ති‍්‍රක් ලේකම් ගාමිණී ජයසේකර සහ දකුණු පළාත් සභාවේ ඉඩම් කෘෂීකර්ම වාරිමාර්ග හා සත්ව නිෂ්පාදන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේමාල් ගුණසේකර යන මහත්වරුන්ගේ ඍජු මැදිහත්වීම මත මෙම කාර්යය ඉටුකිරීම සඳහා අදාළ මුදල ලබාදීම සිදුකරන ලදී.
මෙම නිවාසලාභීන් හඳූනාගැනීම හා නිවාස ඉදිකරනු ලබන භූමිය හඳූනා ගැනීමේ කටයුතු වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පවරනු ලැබූ අතර ඔවුන්ගේ නිර්දේශය මත මෙම මුදල් අදාළ නිවාස ලාභීන් වෙත මුදාහැරීම පමණක් බෝධි ආරක්ෂක සභාවට පවරන ලදී. මෙම නිවාස ලාභීන් හඳූනාගෙන ඔවුන් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ කටයුතු සියල්ලම වැලිගම
ප්‍රාදේශීය ලේකම්තුමියගේ නිරිදේශය මත සිදු කළ අතර බෝධි ආරක්ෂක සභාවට පැවරී තිබුනේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ නිර්දේශය මත එ් එ් අවස්ථා වලදී ගෙවිය යුතු මුදල් චෙක්පත් මඟින් ප්‍රාදේශීය ලේකම් තුමියට අදාළ නිවාස ලාභීන් වෙත පරිත්‍යාග කිරීමට ඉදිරිපත් කිරීම පමණකි.
මෙම නිවාස ඉදිකිරීම නිවාස ලාභීන්ගේ අභිමතය පරිදි කොන්ත්‍රාත් කරුවන් ලවා නොව නිවාස ලාභීන් ලවාම ඔවුනට රිසි සේ සිදුකරනු ලැබූ අතර සම්මත සැළසුම වෙනස් කොට තම ප්‍රාග්ධනයද යොදවා ඉදිකිරීමට අවස්ථාව සලසාදෙන ලදී. තම නිවස තමන් විසින්ම ගොඩනගනු ලැබූ බැවින් ඉස්තරම්ම වර්ගයේ අමුද්‍රව්‍ය යොදා එම නිවාස ඉදිකිරීම ඔවුන් විසින්ම සිදු කරගන්නා ලදී.
මෙසේ මිලදී ගනු ලැබූ ගොඩනැගිලි ද්‍රව්‍ය ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් දරණු ලැබූ මුදල් අදියර කිහිපයකින් වාරික මුදල් වශයෙන් ගෙවා නිමකරන ලදී. ඉදිකිරීම් කටයුතු හා ලැබී ඇති මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතු කොටගෙන මෙම මුදල නිවාස ලාභීන් 20 දෙනෙකුට පමණක් ලබාදීම සීමා කිරීමට වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තීරණය කරන ලදී.
මෙම සත්කාරයට මූලික වීම සම්බන්ධයෙන් හා මාතර බෝධි ආරක්ෂක සභාව කෙරෙහි දැක්වූ විශ්වසනීයත්වය පිළිබඳව අති ගෞරවණීය ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නාහිමියන් වෙත අප බෝධි ආරක්ෂක සභාවේ ගෞරවණීය ප්‍රණාමය පුදකරමු.