මාතර දිස්ත්‍රික්කය තුළ විහාරස්ථානවල වැඩවාසය කොට අපවත්වන භික්ෂූන් වහන්සේලාගේ එම ආදාහන කටයුතු කිරීමට අදාළ වන මූල්‍යමය අනුග්‍රහය දැක්විමද බෝධි ආරක්ෂක සභාවේ තවත් ව්‍යාපෘතියකි.

  • වල්ගම සාරුවත්ත විද්‍යාරාමයේ උපතිස්ස ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු වෙනුවෙන් චිතකය ඉදිකොට දීම.
  • මඩිහේ පඤ්ඤාසීහ හිමිපාණන්ගේ භෂ්මාවශේෂ රැගෙන පැමිණි රිය පෙරහැර පිළිගැනීමට අදාළ කටයුතු.
  • වෙහෙරහේන පූජ්‍ය දවුලගල සංඝරතන නාහිමිපාණන්ගේ ආදාහන උත්සව කටයුතු.
  • නාවිමණ පුරාණ විහාරයේ අපවත්වී වදාළ මහානාහිමියන්ගේ ගුණානුස්මරණ කටයුතු වෙනුවෙන් අදාළ මූල්‍යාධාර සැපයීම.
  • ඉසදීන් නගරයේ මීමනගිරි විහාරවාසී පූජ්‍ය කිරිවැල්දොළ චන්දරතන හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි එම ආවාසයට වැඩම කළ අවතැන්වු භික්ෂුන් වහන්සෙගේ ආදාහන කටයුතු වෙනුවෙන් මූල්‍යාධාර සැපයීම.
  • සිතුල්පව්ව රජමහා විහාරවාසී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උණවටුනේ රතනජෝති ස්වාමීන්    වහන්සේගේ ආදාහන කටයුතු වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමද බෝධි ආරක්ෂක සභාව මගින් කරන ලද තවත් මෙහෙවරකි.
  • උඩාමුණ විහාරයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු.
  • ගබඩාවිදිය වීරසිංහරාම විහාරයේ නායක මලිදුව විමලවංශ ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු.
  • කොටුව ශ්‍රි ධර්මාරාම විහාරස්ථානයේ මාවැල්ලේ විමල ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු,
  • පොල්හේන පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඇහැලපේ යතිරතන නාහිමිගේ ආදාහන කටයුතු.
  • ඉසදින් නගරයේ අශෝකාරාම විහාරාධිපති පණ්ඩිත දිවියාගහ ගුණානන්ද හිමිගේ ආදාහන කටයුතු,
  • මාතර කුඹල්ගම ශ්‍රී විජයසුන්දරා රාමාධිපති නාහිමාගේ අදාහනෝත්සව කටයුතු වෙනුවන් අනුග්‍රහය දැක්වීමද බෝධි ආරක්ෂක සභාව මගින් කරන ලද තවත් මෙහෙවරකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here