දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන.
• ලංකාවේ ජන සමාජය තුළ වසර 2550 ක් තිස්සේ සුරැකි සාරධර්ම වර්තමානයේ ඉතා සීග්‍රයෙන් පරිහානියට යමින් ඇති බව සියලුම බුද්ධිමතුන් පිළිගන්නා සත්‍යයකි. ඒ නිසාම අද රටේ සිදුවන අපරාධ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසාම අපරාධ මර්දනයට රජය විසින් වැය කළයුතු මුදල අතිවිශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඒ නිසාම රටේ සංවර්ධනයටද බාධා පැමිණ ඇත. මෙම තත්වය වළකා ගැනීම සදහා සාරධර්ම අධ්‍යාපනය අද අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. ඒ සඳහා හොදම යටිතල පහසුකම් ඇත්තේ දහම් පාසල් අධ්‍යාපනය තුළය. එහෙත් අද පවතින ටියුෂන් තරඟය සමග දහම් පාසලට තරඟ කිරිමට අපහසු නිසා මෙමගින් බලාපොරොත්තු ප්‍රතිඵල ළගාකර ගැනිමට අපහසු වී තිබේ. එබැවින් දහම් පාසල් ගුරුවරුන්ට අලුත් අධ්‍යාපන ක්‍රමෙවිද හා ශිල්පීය ක්‍රම හඳූන්වාදී දහම් පාසල ආකර්ෂනීය ස්ථානයක් බවට පත්කිරිම කාලීන අවශ්‍යතාවයක් වන අතර, දහම් පාසල් ගුරු පුහුණුව අනිවාර්ය අවශ්‍යතාවයක් වී ඇත.
ප්‍රධාන අරමුණ.
ආගමික පසුබිමක් තුළ දේශීය අනන්‍යතාව හා අපේ සංස්කෘතිය අගයන දැහැමි හික්මුණු අනාගත පරපුරක් දහම්පාසල් අධ්‍යාපනය තුළින් බිහිකර, එමඟින් පතිරූප දේශයක් බිහිකිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
සුවිශේෂ අරමුණු.
- දහම් පාසල් ගුරුවරුන්ට නවීන අධ්‍යාපන ක්‍රමවේද හා ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුමක් ලබා දීම.
- දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පෞරුෂයෙන් හා නායකත්ව ලක්ෂණයන්ගෙන් හෙබි පරපුරක් බිහිකිරීම.
- දහම් අධ්‍යාපනය එදිනෙදා ජීවිතයට වඩාත් සමීප කිරීම.
- ටියුෂන් අධ්‍යාපනය අභිබවා යන දහම් පාසල් අධ්‍යාපනයක් සැකසීම තුළින් වැû සිසුන් පිරිසක් දහම්පාසලට ආකර්ශනය කර ගැනීම වේ.
කෙටිකාලීන ප්‍රතිලාභ
- මනා පුහුණුවක් ලද දහම් පාසල් ගුරුවරුන්.
- ක්‍රමවත් දහම් අධ්‍යාපනයක්.
- දහම් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩිවීම.
- දහම් පාසල් අතර මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගීම.
දිගු කාලීන ප්‍රතිලාභ.
- දැහැමි සමාජයක්.
- බෞද්ධ පුනරුදයක්
- රටේ අපරාධ අඩු වීම.
- නායකත්ව ලක්ෂණයන්ගෙන් පිරිපුන් මනා පෞරුෂයකින් හෙබි අනාගත පරපුරක් බිහි කිරීම.
ක්‍රියාකාරකම් හා මූල්‍ය දායකත්වය
දහම්පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම හා සාරධර්ම වැû දියුණු කිරීම සම්බන්ධයෙන් ගුරු භවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික සාරධර්ම අධ්‍යාපන පදනමේ මාතර ඒකකයේ ලේඛකාධිකාරී, කොටිකාගොඩ රජමහා විහාරාධිපති හක්මණ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ දහම් පාසල් ගුරු පුහුණු සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම 2000 වසරේ සිට පුරා වසර 2 ක් මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කර ඉතා සාර්ථක ප්‍රතිථල ලබා දී ඇති අතර, මෙම එක් වැඩ සටහනක් වෙනුවෙන් රු. 25,000$} ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලදී.
සම්පත් දායකත්වය.
වැඩසටහන් සාර්ථක වනු පිණිස මුද්‍රිත ලිපිගොනු කවර, කාබන් පෑන්, හාෆ්ෂීට් බණ්ඩලද; සමස්ථ වැඩසටහන් වෙනුවෙන් මුද්‍රිත පත්‍රිකා සැපයීමද බෝධි ආරක්ෂක සභාව මගින් සපයන ලදී. මෙම වැඩ සටහනේ දේශන කමිටුවට පැවිදි දේශකයන් වහන්සේලා 07 නමක් හා ගිහි දේශක මහතුන් 13 දෙනෙකුගේ සහභාගීත්වය යටතේ මාතර දිස්ත්‍රික්කය පුරා විහිදෙන පරිදි සාර්ථක ලෙස පවත්වන ලදී.