මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ඉටුකරනු ලබන සේවාවන් අතර තවත් වැදගත් සේවාවක් ලෙස මෙම දහම් පුස්තකාලය හදුන්වාදිය හැකිය. 2001 වර්ෂයේ ආරම්භ කරන ලද දහම් පුස්තකාලයට නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන දහම් පුස්තක ඒ ඒ ප්‍රකාශන ආයතන මගින් ලබා ගෙන දහම් පොතපත සුලභ කොටබොදු හදවත් තුළ දහම් දැනුම වර්ධනය කිරීමටද කටයුතු සලසා ඇත.
පාඨක සංඛ්‍යාවට සරිලන පරිදි පුස්තකාලය නවීකරණය කිරීමද නව පොත් පෙළක් හදුන්වාදී වැඩි දියුණු කිරීමද දහම්පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට හා බුදු දහමට අදාල වන දත්තයන් එකතු කරන්නන් වෙත පුස්තකාල පහසුකම් සැලසීමේ අපේක්ෂාවෙන් පුස්තකාල විද්‍යාව පිළිබඳ දැනුමැති අතිරේක කාර්යය මණ්ඩල බඳවා ගැනීමෙන් පර්යේෂණාත්මක පොතපත දුලබවීම අවම කොට නිසිපරිදි සංවිධානය කොට එම පුස්තකාල සේවාව මහජනයා වෙනුවෙන් ඵලදායි පදනම මත පවත්වාගෙන යාමටත් කටයුතු කරන ලදී.
මාතර ප්‍රදේශවාසීන්ට පමණක් නොව තදාසන්න ගම්වාසීන්ටද දහම් දැනුම මූලික කරගත් සාහිත්‍ය හා භාෂා දැනුම, සමාජ විද්‍යාත්මක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දැනුම මෙන්ම සාමාන්‍ය ජනජීවිතය හා බැදුනු තොරතුරු පිළිබඳව අධ්‍යාපනයක් ලබාදීමද මෙම පුස්තකාලයේ මූලික අරමුණ කර ගෙන ඇත.
වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය වටා ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් විශේෂ කාර්යයන් හා වැඩ සටහන් දියත් කරන ලද අතර පුස්තකාල කමිටු ක්‍රියාත්මක කිරීමත් එම කමිටුව විද්වත් පිරිස් සහභාගී කරවා ගෙන මාසික දේශන මාලාවක් පවත්වමින් තවදුරටත් පුස්තකාල සේවාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදන ලදී.
පුස්තකාලය පරිගණකගත කිරීමේ කටයුතු රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයාධිපති කේ. ආනන්ද මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ නිළධාරීන් පුහුණු කිරීම විශ්වවිද්‍යාලයීය පුස්තකාලය හරහා ලබා ගැනීමට කටයුතු යොදන ලදී.
එසේම පුස්තකාල කටයුතුවලට අමතරව බෝධි ආරක්ෂක සභාව මගින් සිදුකරනු ලබන ශාසනික සමාජයීය මෙහෙවර උදෙසා අන්තර්ජාලය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බැවින් අඩු වියදමකින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටද කටයුතු යොදන ලදී.
එසේම ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා ඡායාපිටපත් යන්ත්‍රය උපයෝගී කරගනිමින් මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන සිසු දරුදැරියන්ට තම අධ්‍යාපනික කටයුතු සදහා අදාළ ඡායාපිටපත් ලබා ගැනීමටත්, එමගින් සාධාරණ සේවාවක් ලබාදීම තුළින් බෝධි ආරක්ෂක සභාවට අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනීමටද කටයුතු කරන ලදී.
මීට අමතරව පොතපත පරිශීලනය කරන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඔවුන්ගේ විෂය නිර්දේශයට අනුකූලව විවිධ විෂය ධාරාවන් මුල් කොට නව පොත් පෙළක් හදුන්වාදීමටද කටයුතු කරන ලදී.
එසේම බෝධි ආරක්ෂක සභාවේ පුස්තකාලයට කුඩා ළමුන් බොහෝ දෙනෙකු පොතපත පරිහරණය කිරීමේ කටයුතුවලට පැමිණෙන බැවින් තවදුරටත් ඔවුන් මෙම පුස්තකාලට ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස හා ළමා මනස ආගමික නැඔුරුවකට යොමු කොට අනාගතයේ යහපත් පුරවැසියන් පිරිසක් සමාජයට දායාද කිරීමේ අපේක්ෂාවෙන් ළමා පුස්තකාල අංශයක් වෙනම පිහිටුවීමටද කටයුතු කරන ලදී.
වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය වටා ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් පුස්තකාලයේ පවත්නා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් තව දුරටත් පවත්නා ඉඩකඩ හමුවේ මෙම නවීකරණ කටයුතු කරන ලද අතර පුස්තකාල පිවිසුම් මඟ වෙනස් කිරීමටත් පුස්තකාලය යාබද කාමර දෙක නවීකරණය කොට පුස්තකාල පරිශ්‍රය ඒකාබද්ධ කිරීමත් 2009 ජුලි මස 23 වැනි දින ළමා පුස්තකාලය ආරම්භ කිරීමත් සමඟම සිදු කරන ලදී.
බෝධි ආරක්ෂක සභාවේ 50 වැනි සංවත්සරය එළඹිමත් එතෙක් කළ සේවාවට අමතරව පෙර පැවති සේවාවට වඩා පෘථුල සේවාවක් සැපයීමටද කටයුතු පිළියෙළ කොට ඇත. මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන පාඨකයින් එකතු කොට 50 වැනි සංවත්සරය වෙනුවෙන් පාඨක හමුවක් පැවැත්වීමටත් ඒ තුළින් පාඨකයින් මුහුණපානු ලබන ගැටˆ නිරාකරණය කිරීමටත් මෙම පුස්තකාලය වර්ධනයට ඔවුන්ගේ අදහස් විමසීමක්ද සිදුකිරීමට කටයුතු යොදා ඇත.