• රෝහණ අඳබිහිරි විශේෂ පාසලේ නේවාසික සිසුන් සඳහා ගිලන් කාමර දෙකක් ඉදිකිරිම හා මෙම රෝහණ විශේෂ පාසලේ තාඏණ කටයුතු වෙනුවෙන් ලැබී ඇති පරිගණක අළුත්වැඩියා කරදීමටත්, දැනට විදුහලේ පවත්නා සිංගර් මහන මැෂින් අළුත්වැඩියා කොට ළමයින්ට මැහුම් ශිල්පය පුහුණු කිරිමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීම හා මෙම ව්‍යාපෘතීන් දෙක ක්‍රියාත්මක කිරිමට උපදේශක සේවාවක් පැවැත්වීම හා එම උපදේශකයින් සදහා මාසික දීමනා ගෙවීමටත්,
  • අඩු ආදායම්ලාභී ශිෂ්‍ය ශීෂ්‍යාවන් ඉගෙනුම ලබන නූපේ මේධානන්ද විදුහලට අප බෝධි ආරඏක සභාව සතු බුදු පිළිමයක් පරිත්‍යාග කිරිම හා එම විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියනට පාවහන් පරිත්‍යාග කිරිමද,
  • මාතර බෞද්ධ කාන්තා ළමා නිවාසයේ සිසු දරුදැරියන් විසින් භාවිතා කරනු ලබන වැසිකිළි පද්ධතියේ අතිරේක ජලය අස්කිරිමට ක්‍රමවේදයක් සකස් කිරිම හා ළමා නිවාසයේ ළමයින්ට අධ්‍යාපන කටයුතු සදහා අතිරේක පන්ති පැවැත්වීම ආර්ථික ගැටළු හේතුවෙන් එසේ කිරිමට අපහසු බැවින්, එක් ගුරුවරයෙකුට මාසිකව දවස් 08 ක් ඉගැන්වීම් සදහා රු. 2,000/= ක මුදලක් ලබාදීමටත්,
  • වැලිගම ආබාධිත ප්‍රජා සංවර්ධන පදනම යටතේ පවත්නා ගෙන යනු ලබන ආබාධිත දරුවන් සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් ශාලාවක් ඉදිකිරිමට අවශ්‍ය 8ඬ‹4ඬ ප්‍රමාණයේ සෙවිලි තහඩු 12 ක් හා 10ඬ‹4ඬ වර්ගයේ සෙවිලි තහඩු 12 ක් ලබාදිමටත්,
  • අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියනට ඉංග්‍රිසි විෂයය පිළිබඳව මනා පරිවයක් ලබාගැනීමේ අපේඏාවෙන් නූපේ සංස්කෘතික මධ්‍යස්ථානය සමග ඒකාබද්ධ විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් ආරම්භ කළ අතර, එම පාඨමාලාව පැවැත්වීමට අවශ්‍ය ගුරු උපදේශක සේවාව සඳහා යන පිරිවැය බෝධි ආරඏක සභාව මගින් ලබාදීමටත්,
  • එසේම අදාළ කාලපරිච්ඡේදය තුළ ශිෂ්‍ය භිඏූන් වහන්සේලාට හා දහම් පාසල් ගුරුභවතුනට නොමිලයේ පරිගණක පුහුණුව ලබාදීමට සමාධි ප්‍රජා සංවර්ධන පදනම සමග ඒකාබද්ධ පාඨමාලාවක් ආරම්භ කරන ලද අතර එම මෙහෙවර සඳහා නවීන වර්ගයේ පරිගණක කට්ටලයක් ලබාදීමත්,
  • කොකාවල මහා විද්‍යාලයට උත්සව කටයුතු වෙනුවෙන් පොල්තෙල් පහනක් පරිත්‍යාග කිරිමත්,
  • මේධානන්ද විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් දිරිමත් කිරිම. (අඩුවෙන් නිවාඩු ලබාගත්) වැඩසටහනට අනුග්‍රහය දැක්වීමත්, කොටුවේගොඩ පාසල් පවුලේ ප්‍රාථමික නිපුණතා වැඩසටහන යටතේ අනුග්‍රහය දැක්වීමත්,
  • මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මාතර නගරයේ හා ඒ අවට විද්‍යාලවල ළමයින් දේශන මගින් දැනුවත් කිරිමත්,
  • මාර/නාවිමන මහාරාජ විද්‍යාලීය පාසල් සංවර්ධන සමිතියේ ශත සංවත්සර පිංකමට අනුග්‍රහය දැක්වීමත් 
  • මාර / අපරැක්ක  මහා  විද්‍යාලයේ   වසර  125  සපිරිම   නිමිත්තෙන්  පවත්වනු 
  • ලැබු පූජෝත්සවයට අනුග්‍රහය දැක්වීමත්,
  • වැලිගම මාර/• සුමංගල බාලිකා විද්‍යාලයේ ආබාධිත දරුවන් සඳහා පාසල් උපකරණ ද්‍රව්‍ය බෙදාදීම හා එම විදුහලේ බුදු මැදුර ඉදිකිරිමට මූල්‍යමය පරිත්‍යාග කිරිමත්,
  • දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නෙට්බෝල් ක්‍රීඩාපිටිය සැකසීමට අනුග්‍රහය දැක්වීම හා වොලිබෝල් පුහුණුකරුට දීමනා ගෙවීමත්,
  • සර්වෝදය සුවසෙත ශාරිරාබාධිත හා දෘශ්‍යාබාධිත ප්‍රජාව පුනරුත්ථාපනය කිරිමේ ව්‍යාපෘති වැඩසටහන යටතේ මාසිකව රු. 3,000/= ක උපරිමයකට යටත්ව ඔසු සහන ආධාර ලබාදීමටත් බෝධි ආරඏක සභාව ප්‍රතිපාදන සලසා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here