ප්‍රදේශයේ පවත්නා විහාරස්ථානයන්හි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ආධාර උපකාර කිරිමද බෝධි ආරක්ෂක සභාවේ තවත් විශේෂ ව්‍යාපෘතියකි.

මාතර නාවිමන පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු.

විහාරාධිපති පූජ්‍ය යටලමත්තේ විපස්සී හිමිපාණන් විසින් එම විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ආධාර මුදලක් පරිත්‍යාග කරන ලෙස කරන ලද ඉල්ලීමට අනුකූලව රු. 5,000/= ක මුදලක් පරිත්‍යාග වශයෙන්ද, එම විහාරස්ථානයේ බෝධි ප්‍රකාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රු. 15,000/= ක මුදලක්ද, එම විහාරස්ථානයේ අටවිසි බුද්ධ පූජා කුටි සහිත බෝධි ප්‍රාකාරය තැනීමට අදාළ ආධාර මුදලක්ද,

කැකනදුර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාසන ප්‍රතිසංස්කරණ කටයුතු.

කැකනදුර ඇල්ලකන්ද ආරණ්‍ය සේනාරක්ෂක සභාව විසින් එම සෙනසුනේ ඉදි කරගෙන යනු ලබන ධර්මශාලාවේ ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් රු. 25,000/= ක මුදලක්ද එම ආරණ්‍යයේ විදුලි පද්ධතිය නවීකරණය කිරිමේදි තෙකලා විදුලිබලය ලබා ගැනීමට ආධාර මුදලක් ලෙස රු. 25,000/= ක මුදලක්ද,

සිරිමංගල පිරිවෙන් විහාරස්ථ කටයුතු.

අප බෝධි ආරක්ෂක සභාවේ පැවිදි අනුශාසක වල්පොල සිරිමංගල පරිවේනාධිපති පූජ්‍ය වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ විසින් දහම් පාසල් ළමයින් විශාල සංඛ්‍යාවක් ඉගෙනුම ලබන එහෙත් ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම හේතුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතින බවත්, එම ඉදිකිරිම් කටයුතු නිමකර ගැනීමට ප්‍රමාණවත් මුදලක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සහ පනස්වියට පාතබන ශාසන කීර්ති • සංඝ සෝබන අතිගෞරව නාමයෙන් පිදුම් ලබන ශාස්ත්‍රවේදි පූජ්‍යපාද පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට දිගාසිරි පැතීමේ පූජෝත්සවය 2003 පොසොන් මස 29 වැනි ඉරු දිනට යෙදී තිබුණ බැවින්ද එ් සැමරුම වෙනුවෙන්ද මාතර බෝධි ආරක්ෂක සභාව මගින් සිදුකරන දහම් පාසල් ගුරු පුහුණු කටයුතු, පාසල් දරුදැරියන්ට අවශ්‍ය අනුග්‍රහයන් ලබාදීම, පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන සිසුදරුදැරියනට, භික්ෂූන් වහන්සේලාට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා සිදු කෙරෙන ඔසු සහන කටයුතු සහ වෙනත් විවිධ කාර්යයන් බෝධි රාජයා අභියස සිදු කෙරෙන ධර්ම දේශනා, බෝධි පූජා, පරිත්‍යාන ධර්ම දේශනා ආදී කටයුතුවලදී උන්වහන්සේ බෝධි ආරක්ෂක සභාවට ලබාදෙන සහාය වෙනුවෙන් රු. 50,000/= ක මුදලක් පරිත්‍යාග කිරිමත්,

ඇල්ගිරිය තනවිල්ලගොඩ පුරාණ විහාරස්ථානය.

ඇල්ගිරිය තනවිල්ලගොඩ පුරාණ විහාරස්ථානයේ බෝමළුවේ ආරක්ෂක බැම්ම පසුගියදා පැවති අධික වර්ෂාව හා ජල ගැල්ම හේතුවෙන් විශාල වශයෙන් අලාභහානි සිදුවී ඇති බැවින් එම බැම්ම ප්‍රතිසංස්කරණය කිරිමට රු. 10,000/= ක මුදලක් පරිත්‍යාග කිරිමත්,

සුදර්ශී පිරිවෙන් විහාරස්ථ කටයුතු.

මාතර • සුදර්ශී පිරිවෙන් විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති ශාරිරික ධාතු චෛත්‍ය ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් හා ඉදිකළ බුදු පිළිම වහන්සේ ආවරණය කිරිම වෙනුවෙන් අප බෝධි ආරක්ෂක සභාවේ පැවිදි අනුශාසක • සුදර්ශී පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදි පූජ්‍යපාද හෙල්ලල පුණ්‍යසිරි හිමිපාණන්ගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් රු. 50,000/= ක පරිත්‍යාග මුදලක් ලබාදීමෙන්ද,

වේරදුව වේළුවනාරාම විහාරස්ථානය.

වේරදුව වේළුවනාරාම විහාරස්ථානයේ චෛත්‍ය සෑදිම වෙනුවෙන් රු. 9,500/= ක මුදලක්ද,

මීඇල්ල බෝධිරුක්ඛාරාමය.

මීඇල්ල බෝධිරුක්ඛාරාමය විහාරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ කටයුතු වෙනුවෙන් රු. 12,000/= ක පරිත්‍යාග මුදලක්ද,

දඹදිව සංකස්සපුර නුවර.

දඹදිව සංකස්සපුර නුවර ඉදිකිරිමට යෝජිත චෛත්‍යයේ නිදන්වස්තු වෙනුවෙන් රු. 50,000/=ක් මහනුවර අස්ගිරි මහවිහාරයේ පූජ්‍ය උඩුගම • රතනපාල බුද්ධරතන මහානායක ස්වාමීන් වහන්සේට පරිත්‍යාග කිරිමෙන්ද,

අනුරපුර ජය • මහ බෝධින් වහන්සේ.

අනුරාධපුර ජය • මහ බෝධින් වහන්සේට රන්වැටක් ඉදිකිරිම වෙනුවෙන්
රු. 60,000/= ක පරිත්‍යාග මුදලක්ද,

මාකාවිට පුරාණ විහාරස්ථානය.

මාකාවිට පුරාණ විහාරස්ථානයේ දාන ශාලාවේ ඉදිකිරිම් කටයුතු වෙනුවෙන් රු.10,000/= ක මුදලක්ද,

කාලිදාස පාරේ ආරියජෝත්‍යරාමය.

මාතර, කාලිදාස පාරේ පිහිටි ආරියජෝත්‍යරාමයේ අභිනවයෙන් ඉදි කරනු ලබන ගොඩනැගිල්ලට රු. 5,000/= ක ආධාර මුදලක්ද,

 

 

මාතර, මැද්දවත්ත ඉසිපතනාරාමය.

මාතර, මැද්දවත්ත ඉසිපතනාරාම විහාරස්ථ කටයුතු වෙනුවෙන් රු. 25,000/= ක ආධාර මුදලක්ද,

වෙහෙරහේන පූර්වාරාම මහ විහාරය.

මාතර වෙහෙරහේන පූර්වාරාම මහ විහාරයේ සිව්මහල් විශ්‍රාම ශාලාව විවෘත කිරිමේ උත්සවයේදි හේව්සි ශබ්ද විකාශන යන්ත්‍ර දින 05 ක කාලපරිච්ඡේදයක් වෙනුවෙන් රු. 20,000/= ක මුදලක්ද,

කඹුරුගමුව දේවගිරි විහාරය.

කඹුරුගමුව දේවගිරි විහාරයේ කාර්යයන් වෙනුවෙන් රු. 10,000/= ක මුදලක් පරිත්‍යාග කිරිමෙන්ද,

 

මහා මන්තින්ද විහාරස්ථානය.

මහා මන්තින්ද විහාරස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරිමෙන්ද,

සිරි වජිරඥාණ ධර්මායතනය.

සිරි වජිරඥාණ ධර්මායතනය ධර්ම ශාලාවේ කටයුතු වෙනුවෙන් රු. 105,000/= ක මුදලක්ද,

නාවිමන • සුමනතිස්ස මාවත සුගතාරාමය.

නාවිමන දකුණ • සුමනතිස්ස මාවත සුගතාරාමය ආරාමයේ පවතින පිළිසකර කටයුතු වෙනුවෙන් රු. 10,000/= ක මුදලක් පරිත්‍යාග කිරිම ආදී ප්‍රදානයන් බෝධි ආරක්ෂක සභාව මගින් සිදු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here