’බුදු සසුනේ චිරස්ථිතිය සදහා අදාළ වන වැඩසටහන් වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය පළ කරන ලද අතර එවැනි මෙහෙවරක් පවත්වනු ලබන ස්ථාන වෙනුවෙන් අවශ්‍ය වන ඣිව්යමය හා මූල්‍යමය ආධාර ලබාදීමත් එමගින් ශ්‍රි ලංකාවේ ජන සමාජය තුළ වසර 2550 ක් තිස්සේ සුරුකි සාරධර්ම ගුණ වගාව එලෙසින් පවත්වාගෙන යාමට අනුබල දීමත් මෙම වැඩසටහනෙන් අපේක්ෂා කරන අතර, බෝධි ආරක්ෂක සභාවේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීම අපේක්ෂා කෙරේ.’
බුදු සසුනේ චිරස්ථිතියට උදාර මෙහෙවරක් කිරිමේ අපේක්ෂාවෙන් අදාළ කටයුතු බෝධි ආරක්ෂක සභාව මගින් දියත් කරන ලද අතර,
- රෝහණ සංඝ සභාවේ උපසම්පදා උත්සවයට වාර්ෂිකව ආධාර කිරිම.
- මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමයේ පැවිදි පිංකමට පූර්ණ අනුග්‍රහය දැක්වීම.
- රෝහණ සංඝ සභාවේ තරුණ භික්ෂු සමුළුවට ආධාර කිරිම.
- බෞද්ධ උරුමය රැක ගැනීමට ආධාර කිරිම. (තලෙයිබාන්)
- කඹුරුපිටිය වනරතන ගුණ සමරු උළෙලට ආධාර කිරිම.
- සාම චාරිකා පිරිත් දේශනය, දක්ෂිණ ලංකා බෞද්ධ සම්මේලනය.
- තරුණ බෞද්ධ සමිතියට දේශන ශාලා පුටු සැපයීම.
- බුද්ධ ධර්මය විෂයයට අදාළ සම්මන්ත්රණ පැවැත්වීම.
- අතිපූජ්‍ය අග්‍ර මහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ හිමිපාණන්ගේ 87 වැනි ජන්ම දිනය සැමරීමට පිරිකර පිරිනැමිම.
- දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් භික්ෂූන් වහන්සේලා පුහුණු කිරිමේ කටයුතු වෙනුවෙන් ආධාර මුදල් සැපයීම.
- විද්වත් ධර්මදේශක හිමිවරුන් ලවා මාතර අධ්‍යාපන කොට්ඨාශය තුළ සිසු දරුදැරියනට දහම් අවබෝධ ලබාදීමට කටයුතු කිරිම.
- ’ඔබ සැමට තෙරුවණ් සරණයි’ ස්ටිකරය තරුණ බෞද්ධ සංගමය වෙනුවෙන් මුද්‍රණය කිරිම.
- ශාන්ති පදනමේ දේශාභිමානි වැඩසටහනට කොටපොල අමරකිත්ති හිමි, ආධාර මුදල් පරිත්‍යාගය.
- පිටිදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ වැඩිදුර අධ්‍යාපනයට මූල්‍ය ආධාර පරිත්‍යාගය.
- පහළ පීක්වැල්ලේ පන්ථාරාම විහාරවාසී පූජ්‍ය ඌරුමුත්තේ සෝමරතන නායක ස්වාමීන් වහන්සේට දිගාසිරි පැතීමේ මහා පුණ්‍යකර්මයට අනුග්‍රහය දැක්වීම.
- වෙහෙරහේන ඉල්මහ පෙරහැරට මූල්‍යාධාර සැපයීම.
- දක්ෂිණ ලංකා බෞද්ධ සම්මේලනයේ මිහිඳූ මහ පෙරහැරට මූල්‍යාධාර සැපයීම.
- මහා මන්තින්ද බිනර මහ පෙරහැරට මූල්‍යාධාර සැපයීම.
- මාතර මහ විද්‍යාලයේ පොසොන් පෙරහැරට මූල්‍යාධාර සැපයීම.
- තොටමුණ පොසොන් පෙරහැරට මූල්‍යාධාර සැපයීමද කරන ලදී.
- ශ්‍රමණ ආකල්ප ගොඩනැගීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා 300 නමක් සමගින් මාතර මහ මන්තින්ද පිරිවෙනේ තරුණ භික්ෂු සමුළුවක් පැවැත්වීමට මූල්‍යාධාර සැපයීම.