මාතර දිස්ත්‍රික්කයෙන් උගත් බුද්ධිමතුන් පිරිසක් රටට දායාද කීරිමේ මහඟු අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමට වත්මන් දිස්ත්‍රීක් ලේකම් ඩබ්.කේ.කේ.  අතුකෝරාළ මැතිණියගේ මඟපෙන්වීම මත දියත් කළ ’සරසවි පිවිසුම් නිජබිම් අභිමන්’  වැඩසටහනට  සමගාමීව  වත්මන් සභාපති  ඩිහාන් සමරසේකර මහතාගේ සංකල්පයක් මත ප්‍රථම වරට දියත් කළ අතර මේ සඳහා තෝරාගත් මුළු සිසු දරුවන්ගේ සංඛ්‍යාව 06කි.

වෛද්‍ය අංශයෙන් සිසුන් දෙදෙනෙකු, ඉංජිනේරු අංශයෙන් හා වාණිජ අංශයෙන් ඵක් සිසුවකු  බැගින්ද  කලා අංශයෙන්  සිසුදරුවන්  දෙදෙනෙකුද මෙම සංඛ්‍යාවට ඇතුලත්ව ඇත. ඵක් සිසුදරුවකු වෙනුවෙන් ප්‍රදානිත මුදල රු. 20,000/=ක් එක්වර කරනු ලබන ගෙවීමක්සේ කරනු ලබන අතර ඉදිරියේදී මෙම සිසු දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් හා ප්‍රධානය කරනු ලබන ප්‍රධානිත මුදලේ වර්ධනයක්ද අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here