මාතර බෝධි ආරක්ෂක සභාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පැවති උත්සවයේදී
- මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් සදහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමක් ඇති බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම.
- දරුවන් 04 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් ප්‍රමාණයක් සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා මසකට රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩසටහනේ තෙවන අදියර යටතේ පවුල් 71 ක් සදහා පළමු මස මුදල් ලබාදීම. ( මෙම තෙවන අදියර වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභා අරමුදලින් රුපියල් හතළිස් දෙලක්ෂ හැටදහසක මුදල්ක් වෙන්කර ඇත.)
- අඩු ආදායම්ලාභී පවුල් 228 ක් සදහා වියළි ආහාර මලු බෙදාදීම. මේ සදහා රුපියල් එකොළොස් ලක්ෂ දාහතර දහසක් වැයකරන ලදී.
- තෝරාගත් ළමා නිවාස දෙකක් සදහා රුපියල් අසූ හයදහසක් වටිනා අතයවසය ද්‍රව්‍ය පිරිනැමීම.
මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අනුශාසක මාතර මහා මන්තින්ද පිරිවෙන් සහ කොටුව මිගදාය පිරිවෙනේ උභය විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්ධානන්ද ස්වාමීන්වහන්සේ, සෞඛ්‍ය කාර්යාංශයේ නව යොවුන් හා යොවුන් සෞඛ්‍ය ඒ්කකයේ වෛද්‍ය චමන්ති විජයමාන්න මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම්තුමා , දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමිය, මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා, මාතර ප්‍රාදේශීය ලේකම්තුමිය, වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමිය, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම්තුමිය, කීර්තිකුමාර ළමා නිවාසය භාර මහත්මිය, ෙබෟද්ධ කාන්තා ළමා නිවාසය භාර මහත්මිය මෙන්ම මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.






























