පුද්ගල සාරධර්ම දැඩි ලෙස පිරිහී යාමකට ලක්ව ඇති වර්තමාන සමාජයෙහි පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීම තුලින් අනාගතයේදී සාරධර්ම වලින් පිරිපුන් සමාජයක් බිහි කිරීමේ මාහැඟි අරමුණින් යුතුව මාතර බෝධි ආරක්ෂක සභාවේ පූර්ණ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන “පාසල් සිසු දරුවන් තුල සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ” හි දෙවන අදියර 2023 වර්ෂය සදහා නව ව්‍යාපෘති වාර්තාව පිලිබද හදුන්වාදීම හා පාසල් වෙත පිරීනැමීම සිදුකිරීම 2023.03.01 දින සිදුකරනු ලැබූ අතර මෙම ව්‍යාපෘතිය මගින් මාතර අධ්‍යාපන කොට්ඨාශයෙහි පිහිටි ජාතික පාසල් හා මහා විද්‍යාල ඇතුලු ප්‍රධාන පාසල් 23 ක් කේන්ද්‍ර කරගනිමින් එම පාසල් හි සිසුන් තුල සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන් සිදුකිරීම සිදුකරනු ලබයි.
මෙම ආරම්භක අවස්ථාව සදහා
1)මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අනුශාසක මාතර මහා මන්තින්ද පිරිවෙනේ විහාරාධිපති පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ.
2)මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ සාරධර්ම හා ආගමික උපදේශක පූජ්‍ය රත්මල්කැටියේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ.
3)මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිංහ මහතා
4)මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය
5)මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා
6)මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් චමින්ද හෙට්ටිආරච්චි මහතා.
7)මාතර කලාපයේ සාරධර්ම විෂය අධ්‍යක්ෂක ජී.එස්.ඩබ්. දමිත් මහතා
8)මාතර කලාපයේ ගුරු උපදේශිකා එස්. එම්.හෙට්ටිආරච්චි මහත්මිය
9)විශ්‍රාමික විදුහල්පති විමල් විදානපතිරණ මහතා.
හා මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන පාසල්හි විදුහල්පති වරුන් හා ගුරු මහත්ම මහත්මීන් 50 දෙනෙකු පමණ හා මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු සභාපති තුමන් ඇතුලු සාරධර්ම සංවර්ධන ව්‍යාපෘති මෙහෙයුම් කමිටු නියෝජිත මහතුන් හා සාමාජික මහතුන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here