යම් කෙනෙක් බුදුන් විසින් මනා කොට වදාළ ධර්මය දැන ඒ අනුව පවතිත් ද, ඔවුහු ඉතා අමාරුවෙන් එතෙර කළ යුතු සංසාර සාගරය තරණය කොට නිවනට පැමිණෙති.
මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.