විශේෂ පරිත්‍යාග

ගංවතුරෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් මාතර ජනතාවගේ දායකත්වය

පසුගියදා ඇතිවූ අයහපත් කාළගුණික තත්ත්වය හේතුකොටගෙන ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමේ අරමුණින් රජයේ සංකල්පයනට අනුකූලව මාතර සහන බදුල්ලට යන තේමාවෙන් මාතර බෝධි ආරක්ෂක සභාව මැදිහත්ව නොවැම්බර් 29, 30 දෙදින පුරාවට මාතර බෝධි පරිශ්‍රයේදී පරිත්‍යාග ලබා ගන්නට යෙදුනු අතර ලොරි රථ 07ක් පිරෙන්නට මාතර ජනතාව පරිත්‍යාග ලබා දුනි.

මෙම පරිත්‍යාග තෝරා වෙන්කොට අවශ්‍ය පරිධි සකසා ඇසුරුම් කොට ලොරි රථ වලට පටවා දෙසැම්බර් 02 අලුයම බදුල්ල බලා පිටත් විය.

මෙම කාර්යය ඉතාමත් සාර්ථක අයුරින් සිදු කරනු ලැබූවේ මාතර අවට ඔබගෛ් පූර්ණ දායකත්වය නිසාවෙනි. මෙම මහගු පුණ්‍යකර්මය සාර්ථක කරගැනීමට මූලිකත්වය ගත් මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු සභාපතිතුමන් ‌ඇතුළු සභාවේ සියලුම විධායක සභාව සහ සාමාජිකයින්ටද, මාතර බෝධි ආරක්ෂක සභාවේ කාර්යමණ්ඩලයට ද, මාතර අවට මෙම කාර්යය සඳහාම දිවා රෑ නොබලා සහාය දුන් තරුණ පිරිසට මෙන්ම මාතර සියලුම ජනතාවට පුණානුමෝදනා කරමු.

මෙම ව්‍යසනයෙන් මිදීම සදහා තවදුරටත් එක්ව කටයුතු කරමු. තෙරුවන් සරණයි!

තවත් සත්කාරක වැඩසටහන්

ධර්ම ප්‍රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර

Logo

මාතර නගරයට ප්‍රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.

Follow Us

Facebook
Facebook

© 2025 Matara Bodhiya Arakshaka Sabawa | All Right Reserved | Design & Development By vinod.lk and asi.lk