අධ්‍යාපනික සේවා
"මෛත්‍රී චින්තා"අන්තර් පාසල් විවාද තරගාවලිය
හෙට දින ලොව දිනන දරු පරපුරක් උදෙසා ගුණධර්ම සහ තර්කන කුසලතාවයෙන් සන්නද්ධ පරපුරක් බිහිකිරීමේ අරමුණින්, මාතර බෝධි ආරක්ෂක සභාව මගින් සංවිධානය කරනු ලබන විශේෂ ව්‍යාපෘතියකි.
පාසල් සිසු දරුවන් තුළ යහපත් සාරධර්ම වර්ධනය කිරීම සහ ඔවුන්ගේ වාග් කෞශල්‍යය ඔප්නැංවීම මෙහි මූලික අරමුණයි. "මෛත්‍රී චින්තා" තුළින් හුදෙක් ජයග්‍රහණයම නොව, බුද්ධිමත් සහ විනයගරුක සමාජයක් වෙනුවෙන් තර්ක කරන අනාගත නායකයින් පෙළගස්වනු ලබයි.


තවත් සත්කාරක වැඩසටහන්
ධර්ම ප්රචාරක, සමාජ සත්කාර, මෙන්ම නොයෙකුත් ආකාරයේ මානව හිතවාදී වූ සමාජ මෙහෙවර
මාතර නගරයට ප්රවිශ්ඨ සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදු පියාණන් වහන්සේ පිළිබඳව අසීමිත භක්තියක් ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ.











