අක්කර 06 යි රූඩ් 03 පර්චස් 19 ක ප්‍රමාණයේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරවාපත්තුවේ උඩුකිරි විල පිහිටි ගාලේ අකුල නමැති ඉඩම ඔප්පු අංක 3345 යටතේ රුපියල් විසිපන්දහසකට මිල නියම කොට අදාල පරිත්‍යාග ලාභීන්ගේ මව් දෙමව්පියන්ට හා සියළුම ඥාතීනට පිං පිණිස බෝධි ආරක්ෂක සභාවෙන් කෙරෙන සියළුම පුණ්‍ය කටයුතු සඳහා ඔවුන් සිත් තුළ පවතින ස්වභාවික ආදර කරුණාව සහ වෙනත් විවිධ යහපත් කාරණා කරණ කොට ගෙන ඉහත කී දේපළ කිසි කලෙක කවර ආකාරයකින් වත් අවලංගු කළ නොහැකි සම්පූර්ණ තෑග්ගක් කොට 1986 ඔක්තෝබර් මස 14 වන දින මාතර බෝධි ආරක්ෂක සභාවට පවරා දෙන ලදී.

බෝධි ආරක්ෂක සභාවට පරීත්‍යාග කළ මෙම ඉඩම පරිපාලනය කිරීමේ අපහසුතාවය සහ කිසිඳූ ආදායමක් නොලැබීමේ හේතුව මත බෝධි ආරක්ෂක සභාවේ ඉදිරි ව්‍යාපෘතීන් සඳහා අරමුදල් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් 1996 සැප්තැම්බර් මස ගරු සභාව ගනු ලැබූ තීරණයක් මත 1999 ඔක්තෝබර් මස 19 වන දින එවකට ගරු සභාපති ධූරය දැරූ නීතිඥ රිචඩ් කුළතුංග මහතා විසින් රුපියල් ලක්ෂ දහහතරකට බැහැරකරන ලදී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here