දකුණු පළාතේ මාතර දිස්ති‍්‍රක්කයේ මාතර කඩවත් සතර තුළ මාතර නගර සීමාවට අයත් නූපේ අනගාරික ධර්මපාල මාවතේ පිහිටි වරිපනම් අංක 365 දරණ මඟ අද්දර පැලවත්ත හෙවත් වලව්වේ වත්තේ අංක 02 දරණ රූඩ් 1 පර්චස් 1  .  35 ප්‍රමානය හා අංක 1 දරණ කැබැල්ලෙන් පර්චස් 14  .   05 ක් හා අංක 1 සී දරණ  කැබැල්ලෙන් පර්චස් 5. 20 ක්  වශයෙන් රූඩ් 1 පර්චස් 20. 60 ක ප්‍රමාණයේ ඉඩම 1990 ඔක්තෝබර්  10 වන දින ඔප්පු අංක 4868 දරණ ඔප්පුව යටතේ රුපියල් ලක්ෂ පහකට මිල නියම කොට කිසි කලෙක කවර ආකාරයකින් වත් අවලංගු කළ නොහැකි ස්ථීර තෑග්ගක් කොට බෝධි ආරක්ෂක සභාවට තෑගි දී එම ඉඩමෙහි වැඩිහිටි නිවාසයක් ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් පවරා දී ඇත.

මෙම අවස්ථාව වන විට වැඩිහිටි නිවාසයක් ඉදි කිරීමට කඹුරුගමුව ප්‍රදේශයෙන් මිලදීගත් ඉඩම යොදාගෙන තිබූ බැවින් එම ඉඩම වෙනත් කාර්යයක් සඳහා යෙදවීමට කටයුතු කරන ලදී. අදාළ ඉඩම 2005. 01. 29 දින සිට කැනඩා ලෝක විශ්ව විද්‍යාල සේවාව අනුග්‍රහය යටතේ රැකියා විරහිත දරු දැරියන් විවිධ ෙක්ෂ්ත්‍රයන්හි පුහුණු කොට සමාජගත කිරීමේ පාඨමාලාවන් පවත්වාගෙන යාම සඳහා පෙර සභාපති එස්. කේ. චන්ද්‍රසෝම මහතා විසින් සවිය සංවර්ධන පදනම වෙත තාවකාලික පදනම මත පවරා දෙන ලදී.

බෝධි ආරක්ෂක සභාව මඟින් ඉටුකරනු ලබන උදාර මෙහෙවර තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අපේක්ෂාවෙන් එම භූමි භාගය තුළ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය මත නැවත බෝධි ආරක්ෂක සභාව වෙත පවරා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුකූලව 2013 අප්‍රේල් මස සිට නැවත අත්පත් කර ගැනීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here