දහම් පුස්තකාලය.

You are here

ව්‍යාපෘති

මාතර බෝධි ආරක්ෂක සභාව මගින් ඉටුකරනු ලබන සේවාවන් අතර තවත් වැදගත් සේවාවක් ලෙස මෙම දහම් පුස්තකාලය හදුන්වාදිය හැකිය. 2001 වර්ෂයේ ආරම්භ කරන ලද දහම් පුස්තකාලයට නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන දහම් පුස්තක ඒ ඒ ප්‍රකාශන  ආයතන  මගින් ලබා  ගෙන දහම් පොතපත සුලභ  කොටබොදු හදවත් තුළ දහම් දැනුම වර්ධනය කිරීමටද කටයුතු සලසා ඇත.

පුස්තකාලයේ කාර්යය මණ්ඩලය දැනට නිළධාරීන් 4 දෙනෙකුගෙන් සමන්විත වීමත් පුස්තකාලයේ පොත් සංඛ්‍යාව 25000ට අධික වීමත් පුස්තකාල අරමුදලින් ලබාගත් පොත් හැරෙන්නට පෞද්ගලික, සාමූහික හා ආයතනික මට්ටමින්ද මෙම සංයුතිය ගොනු වී ඇත. පාඨක සංඛ්‍යාව සලකා බැලීමේදී පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් 250 නමක් වැඩිහිටි හා ශිෂ්‍ය යන දෙපිරිස නියෝජනය කරමින් 5650 හා 3300 ක් වශයෙන් මුළු සාමාජික සංඛ්‍යාව 9200 දක්වා වර්ධනය වී ඇති අතර දිනකට සංසරණය වන පොත් සංඛ්‍යාව 200-280 පරාසය තුළ සිදුවීමත් සතියේ දින ගතහොත් සෙනසුරාදා, සදුදා, බදාදා වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන තත්වයට පත්ව ඇත. එසේම දිනකට විමර්ශනය සඳහා පැමිණෙන සාමාන්‍ය වැඩිහිටි සංඛ්‍යාව 8/12ක් වන අතර ළමා සාමාජික සංඛ්‍යාව 8/10 අතර ප්‍රමාණයකට පත්ව ඇත.

පාඨක සංඛ්‍යාවට සරිලන පරිදි පුස්තකාලය නවීකරණය කිරීමද නව පොත් පෙළක් හදුන්වාදී වැඩි දියුණු කිරීමද දහම්පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට හා බුදු දහමට අදාල වන දත්තයන් එකතු කරන්නන් වෙත පුස්තකාල පහසුකම් සැලසීමේ අපේක්ෂාවෙන් පුස්තකාල විද්‍යාව පිළිබඳ දැනුමැති අතිරේක කාර්යය මණ්ඩල බඳවා ගැනීමෙන් පර්යේෂණාත්මක පොතපත දුලබවීම අවම කොට නිසිපරිදි සංවිධානය කොට එම පුස්තකාල සේවාව මහජනයා වෙනුවෙන් ඵලදායි පදනම මත පවත්වාගෙන යාමටත් කටයුතු කරන ලදී.

මාතර ප්‍රදේශවාසීන්ට පමණක් නොව තදාසන්න ගම්වාසීන්ටද දහම් දැනුම මූලික කරගත් සාහිත්‍ය හා භාෂා දැනුම, සමාජ විද්‍යාත්මක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක දැනුම මෙන්ම සාමාන්‍ය ජනජීවිතය හා බැදුනු තොරතුරු පිළිබඳව අධ්‍යාපනයක් ලබාදීමද මෙම පුස්තකාලයේ මූලික අරමුණ කර ගෙන ඇත.

වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය වටා ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් විශේෂ කාර්යයන් හා වැඩ සටහන් දියත් කරන ලද අතර පුස්තකාල කමිටු ක්‍රියාත්මක කිරීමත් එම කමිටුව විද්වත් පිරිස් සහභාගී කරවා ගෙන මාසික දේශන මාලාවක් පවත්වමින් තවදුරටත් පුස්තකාල සේවාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදන ලදී.

පුස්තකාලය පරිගණකගත කිරීමේ කටයුතු රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රධාන  පුස්තකාලයාධිපති කේ. ආනන්ද මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ නිළධාරීන් පුහුණු කිරීම විශ්වවිද්‍යාලයීය පුස්තකාලය හරහා ලබා ගැනීමට කටයුතු යොදන ලදී.

එසේම පුස්තකාල කටයුතුවලට අමතරව බෝධි ආරක්ෂක සභාව මගින් සිදුකරනු ලබන ශාසනික සමාජයීය මෙහෙවර උදෙසා අන්තර්ජාලය හරහා සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බැවින් අඩු වියදමකින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටද කටයුතු යොදන ලදී.

එසේම ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ හා ඡායාපිටපත් යන්ත්‍රය උපයෝගී කරගනිමින් මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන සිසු දරුදැරියන්ට තම අධ්‍යාපනික කටයුතු සදහා අදාළ ඡායාපිටපත් ලබා ගැනීමටත්, එමගින් සාධාරණ සේවාවක් ලබාදීම තුළින් බෝධි ආරක්ෂක සභාවට අතිරේක ආදායම් මාර්ගයක් ලබා ගැනීමටද කටයුතු කරන ලදී. 

මීට අමතරව පොතපත පරිශීලනය කරන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් ඔවුන්ගේ විෂය නිර්දේශයට අනුකූලව විවිධ විෂය ධාරාවන් මුල් කොට නව පොත් පෙළක් හදුන්වාදීමටද කටයුතු කරන ලදී.

එසේම බෝධි ආරක්ෂක සභාවේ  පුස්තකාලයට කුඩා ළමුන් බොහෝ දෙනෙකු පොතපත පරිහරණය කිරීමේ කටයුතුවලට පැමිණෙන බැවින් තවදුරටත් ඔවුන් මෙම පුස්තකාලට ආකර්ෂණය කර ගැනීමේ පියවරක් ලෙස හා ළමා මනස ආගමික නැඔුරුවකට යොමු කොට අනාගතයේ යහපත් පුරවැසියන් පිරිසක් සමාජයට දායාද කිරීමේ අපේක්ෂාවෙන් ළමා පුස්තකාල අංශයක් වෙනම පිහිටුවීමටද කටයුතු කරන ලදී.

වැඩි පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය වටා ගොනුකර ගැනීමේ අපේක්ෂාවෙන් පුස්තකාලයේ පවත්නා භූමි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බැවින් තව දුරටත් පවත්නා ඉඩකඩ හමුවේ මෙම නවීකරණ කටයුතු කරන ලද අතර පුස්තකාල පිවිසුම් මඟ වෙනස් කිරීමටත්  පුස්තකාලය යාබද කාමර දෙක නවීකරණය කොට පුස්තකාල පරිශ්‍රය ඒකාබද්ධ කිරීමත් 2009 ජුලි මස 23 වැනි දින ළමා පුස්තකාලය ආරම්භ කිරීමත් සමඟම සිදු කරන ලදී.

බෝධි ආරක්ෂක සභාවේ 50 වැනි සංවත්සරය එළඹිමත් එතෙක් කළ සේවාවට අමතරව පෙර පැවති  සේවාවට වඩා පෘථුල සේවාවක් සැපයීමටද කටයුතු පිළියෙළ කොට ඇත. මෙම පුස්තකාලය පරිහරණය කරනු ලබන පාඨකයින් එකතු කොට 50 වැනි සංවත්සරය වෙනුවෙන් පාඨක හමුවක් පැවැත්වීමටත් ඒ තුළින් පාඨකයින් මුහුණපානු ලබන ගැටˆ නිරාකරණය කිරීමටත් මෙම පුස්තකාලය වර්ධනයට ඔවුන්ගේ අදහස් විමසීමක්ද සිදුකිරීමට කටයුතු යොදා ඇත.

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.