ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමට ආධාර

You are here

සේවා

ජාතික වැදගත්කමක් ඇති උත්සව සැමරීමේදී ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමත් එම ආගමික වතාවත් පැවැත්වීම බෝධි රාජයාණන් අභියස සිදු කිරීමටත් එවැනි උත්සව අවස්ථාවලදී වැඩම කරවනු ලබන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් ගිලන්පස, පිරිකර සැපයීමත් ආදී කටයුතු ඉටුකිරීමට කටයුතුද පිළියෙළ කරන ලදී. මෙසේ පවත්වන ලද වැදගත් උත්සව අතර,

  1. ජාතික නිදහස්දින උලෙළ.
  2. වෙසක් උත්සවය. 
  3. අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය සැමරීම.
  4. තුන්හෙළ ආශීර්වාද සදහම් යාත්‍රාව. 
  5. මත්ද්‍රව්‍ය නිවාරණ සතිය.
  6. රුහුණු විශ්ව විද්‍යාලයේ රජත ජයන්ති උත්සවය.
  7. අළුත් අවුරුදු හිසතෙල් ගෑමේ උත්සවය. 
  8. පොසොන් උත්සවය.
  9. ලෝක අමද්‍යප දිනය. 
  10. විශ්ව ළමා දිනය සැමරීම.
  11. සුදු සැරයටි දිනය සැමරීම.
  12. රණවිරු දිනය සැමරීම.
  13. රුහුණු ප්‍රදීප  2004 සාහිත්‍ය උත්සවය. 
  14. ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය. 
  15. දහම් පාසල් භක්තිගීත සංදර්ශනය.
  16. ජය පිරිත් දේශනය. 
  17. ශ්‍රි රෝහන සංඝසභා වාර්ෂික උපසම්පදා පූජෝත්සවය. 
  18. රෝහන උත්තම පූජා හරසර.
  19. 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්ති සර්ව« ධාතු පූජ්‍ය මංගල්‍යය.
  20. ජය ශ්‍රි බෝධීන් වහන්සේගේ ශාඛාවක් අනුරාධපුරයේ සිට ඉන්දියාවේ බුද්ධගයාවට  වැඩම කරවීම.
  21. 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්ති මහ පෙරහැර.

              

යන උත්සව සැමරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ අතර මෙම සෑම උත්සවයක් වෙනුවෙන්ම මූල්‍ය අනුග්‍රහයන් පළ කරන ලද අතර 2003 වසරේ සියළුම බෞද්ධ ආයතන හා රාජ්‍ය ආයතන සමගින් පැවැත්වූ වෙසක් උත්සවයට 15000 කට අධික පිරිසක් සිල් සමාදන්වීමේ කටයුතුවල යෙදවීමට කටයුතු කළ අතර ශීල සමාදානයේ යෙදි සිටි සියළුම පිරිස් වෙනුවෙන් දානමය කටයුතු හා රෝගීන් සදහා අදාල රෝහල්වලට ගොස් ගිලානෝපස්ථාන කටයුතුද සිදු කරන ලදී.

එසේම 2600 ශ්‍රි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් 2011 මැයි 21 දින සංස්කෘතිකාංග සහිත මහා පෙරහැරක් මාතර බෝධිය අසලදී පැවැත්වීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමගින් පවත්වන ලද අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමට අනුකූලව රුපියක් ලක්ෂ දහයක මුදලක් පරිත්‍යාග කිරීමත් මෙම ශ්‍රි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පැවති රාජ්‍ය වෙසක් උත්සවය කොටිකාගොඩ රජමහා විහාරයේ පැවැත් වූ අතර එම විහාරයේ සිල් සමාදන් වු උවැසි උවැසියන් වෙනුවෙන් දිවා දානය පිරිනැමීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට අවශ්‍ය මූල්‍යාධාර සැපයීමත් එසේම මෙම වෙසක් කලාපයට සිව්දෙසින් පැමිණ නේවාසිකව සිය නිර්මාණ දායකත්වය සපයන පිරිස් වෙනුවෙන් ආහාරපාන සැපයීමට පිරිවැය ලබාදීමටත් මෙම පෙරහැර තොරතුරු රුහුණු සේවය ඔස්සේ සජීවීව බැතිබර දායකත්වය හා අනුග්‍රාහකත්වය පළ කිරීම වෙනුවෙන්ද මූල්‍යාධාර සැපයීමද කරන ලදී. එසේම වෙසක් උත්සවයට සමගාමීව සම්බුද්ධ සසුනට ශ්‍රි ලංකා ධරනිතලයට අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයානන් 12 නමක් විෂයයෙහි සමරු ඵලක හා පිරිකර පූජා කිරිම බෝධි ආරඏක සභාවේ පූර්ණ අනුග්‍රහය යටතේ කිරීමටද කටයුතු යොදන ලදී.

එසේම ඉන්දියාවේ කපිලවස්තුපුර සිට • සර්වඥ ධාතු වැඩම කරවීම හා ප්‍රදර්ශනය කිරිම මාතර බෝධීන් වහන්සේ අභියස සිදු කිරිමට මුලින් අපේඏා කොට සාකච්ඡා පැවැත්වු මුත් ආරාඏක හේතුන් මත මෙම ප්‍රදර්ශන කටයුතු මාතර වල්ගම වැවහමන්දුව ඵෙතිහාසික කොටිකාගොඩ රජමහා විහාරයේදි සැප්තැම්බර් 02,03,04 යන දිනයන්හි ප්‍රදර්ශනය කිරිමට කටයුතු යෙදිමත් ඒ සඳහා මුල්‍ය අනුග්‍රහය ලබාදිමටත් තීරණය කරන ලදි. මෙම ධාතු ප්‍රදර්ශනයේ මුලික කටයුතු වෙනුවෙන් රු. 500,000$} ක මුදලක්ද පැමිණෙන පිරිස් වෙනුවෙන් අවශ්‍ය පානිය ජලය සැපයිම සම්බන්ධයෙන් රු. 550,000/= ක මුදලක පානිය වතුර බෝතල සැපයිමටත් ඊට අමතරව වෛද්‍යාධාර සැපයිම වෙනුවෙන් අවශ්‍ය බෙහෙත්ද ලබා දිමට කටයුතු කරන ලදි.

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.