දහම් පාසල් අධ්‍යාපනයට සලසනු ලබන සේවා

You are here

සේවා

දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන.

• ලංකාවේ ජන සමාජය තුළ වසර 2550 ක් තිස්සේ සුරැකි සාරධර්ම වර්තමානයේ ඉතා    සීග්‍රයෙන් පරිහානියට යමින් ඇති බව සියලුම බුද්ධිමතුන් පිළිගන්නා සත්‍යයකි. ඒ නිසාම අද රටේ සිදුවන අපරාධ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ නිසාම අපරාධ මර්දනයට රජය විසින් වැය කළයුතු මුදල අතිවිශාල ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඒ නිසාම රටේ සංවර්ධනයටද බාධා පැමිණ ඇත. මෙම තත්වය වළකා ගැනීම සදහා සාරධර්ම අධ්‍යාපනය අද අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. ඒ සඳහා හොදම යටිතල පහසුකම් ඇත්තේ දහම් පාසල් අධ්‍යාපනය තුළය. එහෙත් අද පවතින ටියුෂන් තරඟය සමග දහම් පාසලට තරඟ කිරිමට අපහසු නිසා මෙමගින් බලාපොරොත්තු ප්‍රතිඵල ළගාකර ගැනිමට අපහසු වී තිබේ. එබැවින් දහම් පාසල් ගුරුවරුන්ට අලුත් අධ්‍යාපන ක්‍රමෙවිද හා ශිල්පීය ක්‍රම හඳූන්වාදී දහම් පාසල ආකර්ෂනීය ස්ථානයක් බවට පත්කිරිම කාලීන අවශ්‍යතාවයක් වන අතර, දහම් පාසල් ගුරු පුහුණුව අනිවාර්ය අවශ්‍යතාවයක් වී ඇත.

ප්‍රධාන අරමුණ. 

ආගමික පසුබිමක් තුළ දේශීය අනන්‍යතාව හා අපේ සංස්කෘතිය අගයන දැහැමි හික්මුණු අනාගත පරපුරක් දහම්පාසල් අධ්‍යාපනය තුළින් බිහිකර, එමඟින් පතිරූප දේශයක් බිහිකිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

සුවිශේෂ අරමුණු.

  • දහම් පාසල් ගුරුවරුන්ට නවීන අධ්‍යාපන ක්‍රමවේද හා ශිල්පීය ක්‍රම පිළිබඳ දැනුමක් ලබා දීම.
  • දහම් පාසල් අධ්‍යාපනය තුළින් මනා පෞරුෂයෙන් හා නායකත්ව ලක්ෂණයන්ගෙන් හෙබි පරපුරක් බිහිකිරීම. 
  • දහම් අධ්‍යාපනය එදිනෙදා ජීවිතයට වඩාත් සමීප කිරීම.
  • ටියුෂන් අධ්‍යාපනය අභිබවා යන දහම් පාසල් අධ්‍යාපනයක් සැකසීම තුළින් වැû සිසුන් පිරිසක් දහම්පාසලට ආකර්ශනය කර ගැනීම වේ.

කෙටිකාලීන ප්‍රතිලාභ

  • මනා පුහුණුවක් ලද දහම් පාසල් ගුරුවරුන්.
  • ක්‍රමවත් දහම් අධ්‍යාපනයක්.
  • දහම් පාසලට පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩිවීම.
  • දහම් පාසල් අතර මනා සම්බන්ධීකරණයක් ගොඩ නැගීම.

දිගු කාලීන ප්‍රතිලාභ.

  • දැහැමි සමාජයක්. 
  • බෞද්ධ පුනරුදයක් 
  • රටේ අපරාධ අඩු වීම.
  • නායකත්ව ලක්ෂණයන්ගෙන් පිරිපුන් මනා පෞරුෂයකින් හෙබි අනාගත පරපුරක් බිහි කිරීම.

 

ක්‍රියාකාරකම් හා මූල්‍ය දායකත්වය

දහම්පාසල් අධ්‍යාපනය විධිමත් කිරීම හා සාරධර්ම වැû දියුණු කිරීම සම්බන්ධයෙන් ගුරු භවතුන් පුහුණු කිරීම වෙනුවෙන් ශ්‍රි ලංකා ජාතික සාරධර්ම අධ්‍යාපන පදනමේ මාතර ඒකකයේ ලේඛකාධිකාරී, කොටිකාගොඩ රජමහා විහාරාධිපති හක්මණ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ දහම් පාසල් ගුරු පුහුණු සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම 2000 වසරේ සිට පුරා වසර 2 ක් මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කර ඉතා සාර්ථක ප්‍රතිථල ලබා දී ඇති අතර, මෙම එක් වැඩ සටහනක් වෙනුවෙන් රු. 25,000$} ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන සලසා දෙන ලදී.
                                                             

සම්පත් දායකත්වය.        

වැඩසටහන් සාර්ථක වනු පිණිස මුද්‍රිත ලිපිගොනු කවර, කාබන් පෑන්, හාෆ්ෂීට් බණ්ඩලද; සමස්ථ වැඩසටහන් වෙනුවෙන් මුද්‍රිත පත්‍රිකා සැපයීමද බෝධි ආරක්ෂක සභාව මගින් සපයන ලදී. මෙම වැඩ සටහනේ දේශන කමිටුවට පැවිදි දේශකයන් වහන්සේලා 07 නමක් හා ගිහි දේශක මහතුන් 13 දෙනෙකුගේ සහභාගීත්වය යටතේ මාතර දිස්ත්‍රික්කය පුරා විහිදෙන පරිදි සාර්ථක ලෙස පවත්වන ලදී.

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.