වියැකී යන සංඝ සමාජය තවදුරටත් රැකගැනීමේ ජනාධිපතිතුමාගේ සංකල්පය දිරි ගැන්වීමේ අදහසින් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමායෝජක ස්වාමීන් වහන්සේලාගේ හා ශාසනාරක්ෂක බලමණ්ඩලවල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ මඟපෙන්වීම හා අනුශාසකත්වය මත මාතර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බලමණ්ඩල ආවරණය වන පරිදි සාමනේර භික්ෂුන් වහන්සේලාගේ ආකල්ප ප්‍රවර්ධනය කිරිමේ අපේක්ෂාවෙන් වැඩමුළු කිහිපයක් සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ පවත්වන ලදී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය ලිපිද්‍රව්‍ය, තේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, සාමනේර දහම් අත්පොත් හා ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලද අතර වියැකී යන භීක්ෂු ශාසනයේ අභිවෘද්ධිය පිණිස මෙම කාර්යභාරය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසාදීම සිදුකරන ලදී.
මීට අමතරව අන්තර් පාරිවේනික භාෂා හා සාහිත්‍ය තරඟයට ආධාර උපකාර කිරිම ද අදාළ කාලපරිච්ඡේදය තුළ සිදුකරන ලදී.
මාතර බෝධි ආරක්ෂක සභාව මගින් බොදු ආකල්ප සංවර්ධනය කිරීමේ ගුවන් විදුලි වැඩ සටහන් රුහුණු සේවය මගින් පිළියෙළ කරන ලද අතර එම ’අසපුව' වැඩසටහන බොදු ජනතාවට ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් බුදු දහමට අදාළ වන දහම් පැන පිළිබඳව පිළිතුරු විද්වත් ධර්මධර භික්ෂූන් වහන්සේලා ලවා මෙහෙයවීමට ද කටයුතු යොදන ලදී. මෙම වැඩසටහන මගින් පසුගිය වකවානුව තුල බෝධි ආරක්ෂක සභාවට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර එමගින් බෝධි ආරක්ෂක සභාව මගින් දියත් කරනු ලබන විවිධ මානුෂීය මෙහෙවරයන් වෙනුවෙන් මහජන ආධාර බහුල වශයෙන් ගලා ඒම ද සිදු විය.
පේරාදෙණිය මහපොළ භික්ෂු අධ්‍යාපන ආයතනය මගින් මාතර දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා 100 නමකගේ සහභාගීත්වයෙන් 2010.04.03 වැනි දින ’සසුන' භික්ෂු නායකත්ව වැඩසටහන සමාලෝචිත කාලපරිච්ඡේදය තුල ක්‍රියාත්මක කරන ලද අතර මෙම වැඩසටහනට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දානමය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බෝධි ආරක්ෂක සභාව මගින් ලබා දීමට කටයුතු කරන ලදී.
තරුණ පරපුර සහභාගී කරවා ගෙන ඔවුන්ගේ ජීවිතය තුළට බුදු සමිඳූන් වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට හා ධර්මය පුරුදු කරන්නට සුදුසු යොවුන් සදහම් වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමට අනුකූලව අදාළ සදහම් වැඩසටහන පැවැත්වීමට කටයුතු පිළියෙල කර දෙන ලදී.
මාතර දිස්ත්‍රික්කයේ සියලුම දහම් පාසල්වල ශිෂ්‍ය නායකයන් හා ශිෂ්‍ය නායිකාවන් සහභාගී කරවා ගෙන ’2600 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් දහම් පාසලේ කාර්යභාරය'යන මාතෘකාව යටතේ 2010.04.04 දින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම මත ශාන්ත තෝමස් කුමර විදුහලේ දී පවත්වන ලද අතර එම වැඩසටහනට සහභාගී වූ දහම් පාසල් සිසු දරු දැරියන් 500 දෙනෙකුට අවශ්‍ය උදෑසන ආහාරය ලබා දීමට ද කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශයක් වන සියඹලාණ්ඩුව කොට්ඨාශයට අයත් සිරි විජිතාරාම විහාරයේ සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනික දියුණුව උදෙසා විශේෂයෙන් ඉංගී්රසි හා දෙමළ බසින් ධර්මය ප්‍රචාරය කිරීමට හැකිවන සේ උන්වහන්සේලාට ඉංග්‍රීසි හා දෙමළ බස ප්‍රගුණ කිරීමේ වටිනාකම මත මෙම ඉගැන්වීම් කටයුතු නිරත වන ගුරුතුමන්ලාට මාසිකව රු. 3,000/= බැගින් මාස 12 ක කාලපරිච්ඡේදයකට ලබා දීමට සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ කටයුතු කරන ලදී.
මාතර කොටුවේගොඩ රන් දූපත උපෝසථ මහා විහාරයේ ශ්‍රී රෝහණ තරුණ භික්ෂු සංවිධානය පූජ්‍ය හත්තොටුවේ ඉන්දරතන ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම මත සිදු කරනු ලැබූ පිණ්ඩපාත චාරිකාව සඳහා අවශ්‍ය මුල්‍ය අනුග්‍රහය බෝධි ආරක්ෂක සභාව මගින් ලබා දීමට කටයුතු කරන ලදි.
ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම