ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම

You are here

සේවා
  • ශිෂ්‍යත්වයේ පරමාර්ථය :

 සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය සඳහා නැණ නුවණින් හා ශ්‍රමණ ආකල්පවලින් හෙබි භික්ෂුන් පිරිසක් ඇති කිරිම තුලින් ප්‍රාචීන හා ත්‍රිපිටක ධර්මය ඉගෙනිම විෂයයෙහි වැඩි කැමැත්තක් දක්වන ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා දිරිමත් කිරිම තුලින් ඓතිහාසික රුහුණු පුරවරයේ නම තැබු පුරාණ පඩිවරුන් ගිය මඟ අනුව යමින් වත්මන් භික්ෂුන් පිරිසක් ගොඩනගා ගැනීම.

  • ශිෂ්‍යත්වයේ ආරම්භය : 

 ශ්‍රී ලංකාවේ දෙදහස් පන්සිය වසරක ඉතිහාසය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සිදුවු අපරිමිත ජාතික හා ශාසනික මෙහෙවර අගය කිරිම වස් ප්‍රදානය කරනු ලබනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, පිරිවෙන් කටයුතු පිළිබඳ දකුණු පළාත් සහකාර අධ්‍යාපන අධක්ෂ, ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගැටමාන්නේ ධම්මකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පෙර සභාපති එස්. කේ. චන්ද්‍රසෝම මහතාගේ මඟපෙන්වීම මත මල්ඵල ගැන්වුනු අතර, 2001 මැයි මස සිට ප්‍රදානය කීරිමට කටයුතු යොදා ඇත.

  • හිමි ශිෂ්‍යත්ව ප්‍රමාණය :

 2001 වසරේ සිට 2009 වසර දක්වා මෙම ශිෂ්‍යත්ව ක්‍රමයට සුදුසුකම් ලැබු ස්වාමීන් වහන්සේලා 226 නමක් වු අතර 2010 හිමි ශිෂ්‍ය 24 නම සමගින් මුළු ප්‍රමාණය 250 නමක් දක්වා වැඩි වී ඇත.

  1. 2001 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 19 නමක් සදහා     රු.    180,000/= 
  2. 2002 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 23 නමක් සදහා     රු.     198,000/=
  3. 2003 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 30 නමක් සදහා     රු.     294,000/=
  4. 2004 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 35 නමක් සදහා    රු.     312,000/=
  5. 2005 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 20 නමක් සදහා    රු.     216,000/=
  6. 2006 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 22 නමක් සදහා    රු.     192,000/=
  7. 2007 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 34 නමක් සදහා    රු.     348,000/=
  8. 2008 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 12 නමක් සදහා    රු.     144,000/=
  9. 2009 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 31 නමක් සදහා     රු.     372,000/=
  10. 2010 වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 24 නමක් සදහා     රු.     288,000/=

මුළු මුදල (රුපියල් විසිපන් ලක්ෂ හතලිස්හතර දහසකි)     රු. 2,544,000/=

  • ශිෂ්‍යත්ව අරමුදලේ වටිනාකම :

 දසවන වරට පිරිනමනු ලබන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සමඟින් වැය කරනු ලබූ මුදල් ප්‍රමාණය රුපියල් විසිපන් ලක්ෂ හතලිස්හතර දහසක් (රු. 2,544,000/=) වන අතර, ප්‍රතිලාභ ලැබූ මුළු ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව 250 නමකි.

  • මෙම ශිෂ්‍යත්වයේ අරමුණ :

  1. ශ්‍රී ලංකාවේ දෙදහස් පන්සිය වසරක ඉතිහාසය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට සිදු වු අපරිමිත ජාතික හා ශාසනික මෙහෙය අගය කිරීම.
  2. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය සදහා ගුණ නුවණින් හා ශ්‍රමණ ආකල්පවලින් හෙබි භික්ෂුන් පිරිසක් ඇති කිරිම.
  3. ප්‍රාචීන හා ති‍්‍රපිටක ධර්මය ඉගෙනීම විෂයයෙහි වැඩි කැමැත්තක් දක්වන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දිරිමත් කිරීම.
  4. ඵෙතිහාසික රුහුණු පුරවරයේ නම තැබු පුරාණ යතිවරුන් ගිය මග අනුව යමින් වත්මන් භික්ෂු පිරිසක් ගොඩ නැගීම.

පුණ්‍යානුමෝදනාව

බෝමළුවේ පැවැත්වෙන ධර්ම දේශනාමය හා මහා බෝධි පූජාමය පිංකම් වලට මෙන්ම වසරක් පාසා ජනවාරි 01 දින පැවැත්වෙන හීල් දානමය පිංකමටද සහභාගී වන මාතර නගරයේ හා අවට විහාර හා පිරිවෙන් විද්‍යායතන වලින් වැඩම කරන නායක, අනුනායක හා අනෙකුත් මහා සංඝරත්නය නමස්කාර පූර්වකව ගෞරවයෙන් සිහිපත් කරමු.

බෝධි ආරක්ෂක සභාවේ දානමය පිංකම් වලදී අවශ්‍ය මේස පුටු හා පිඟන් කෝප්ප ආදිය නොමිලයේ සැපයීමෙන් මාතර ගබඩා වීදියේ ධර්මදාස ස්ටෝර්ස් අධිපති අප ගරු සාමාජික සරත් හේවා පතිරණ මහතා හා පරිත්‍රාන ධර්ම දේශනාවලදී නොමිලයේ පිරිත් මණ්ඩප හා ආසන ලබා දෙමුන් සී.ඒ. නදුන් නිරෝෂන් මහතා විසින් සිදු කරන සේවය සෑම වසරකදීම නොමසුරුව මෙම සභාව වෙත ලබා දීමෙන් සිදු කරගත් පුණ්‍ය කර්මය කෘතඥතා පූර්වකව සඳහන් කරමු. එතුමන්ලාගේ සියලු ව්‍යාපාර කටයුතු තවදුරටත් දියුණුවට පත්වේවායි ද එතුමන්ලා ඇතුළු පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවායි ද ආශිර්වාද කරමු.

අප සභාවේ පරලෝ සැපත් පෙර සභාපතිතුමන්ලාට ද සියලුම ගරු සාමාජික මහත්වරුන්ට ද කෘතවේදීව පිං අනුමෝදන් කරමු.

මෙම සිද්ධස්ථානයේ නානාවිධ පූජෝපාහාර පැවැත්වීමෙන් හා විවිධ පූජා භාණ්ඩ පරිත්‍යාග කිරීමෙන් ද මුදල් ආධාර පිරිනැමීමෙන් ද සහයෝගය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට හා මාතර ඓතිහාසික බෝ සම්ඳූන් අධිගෘහිත සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරමුන් පිං අනුමෝදන් කරමු.

මෙම පූජා භූමියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන නියෝජ්‍ය පොලිස්පතිතුමා සහ මාතර පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හා මූලස්ථාන පොලිස් පරීඏකතුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රශංසාත්මකව පිං දෙමු.

බෝධි ආරක්ෂක සභාවේ වැඩ කටයුතු වලදී විවිධ අයුරින් උදව් උපකාර කළ දිස්ත්‍රික් ලේකම්තුමිය, අතිරේක දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය හා පළාත් පාලන ආයතනවල සියලුම නිලධාරීන්ට, සියලුම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවයේ නියුතු සැමටත්, ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාර තුමිය ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත්, මාතර මහ රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය, පෙර අධිකාරීතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් මාතර මහ රෝහලේ ඉදිකරනු ලබන ගොඩනැගිලි අධීඏණය කරමුන් නොමිලයේ තම සේවාව ලබාදුන් ගෙඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගොඩනැගිලි ඉංජිනේරු මහත්මියටත් අතපසුවීමකින් හෝ අමතක වීමකින් හෝ මෙහි සඳහන් නොවන සියලුම දෙනාටත් තුණුරුවන් පෙරටු කොට සියලු දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබේවායී ප්‍රාර්ථනා කරමුන් ස්තුති පූර්වකව පිං දෙමු.

අප සභාව මගින් සිදුකරන සියලුම යහපත් කටයුතු වලට ධෛර්ය හා නන් අයුරින් උපදෙස් දෙමුන් සාමුහිකව අපේක්ෂිත අරමුණ සාර්ථක කර ගැනීමට ඇප කැප වෙමුන් සහාය දැක්වූ සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු ගරු සාමාජික මහතුන්ට කෘතඥතා පූර්වකව පිං දෙමු. ව්විධාකාරයෙන් බෝධි ආරක්ෂක සභාවේ සේවයේ නියුතු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් දෙන ලද අගනා සහයෝගය භක්තියෙන් හා කැපවීමෙන් කරන ලද සේවය නිසා බෝධි ආරක්ෂක සභාවේ කාර්යයන් වඩාත් පහසු වන බව කෘතඥතා පූර්වකව සඳහන් කරන අතර ඔවුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු.

ඉහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් සඳහන් නොකළත් මෙම ස්ථානයේ බෝධි ආරක්ෂක සභාවේ කටයුතු ඇසුරින් තම සිතුවිලි යහමගට යොමු කරන්නා වූ සියලුම පිංවතුන්ට ආශිර්වාද පූර්වකව පිං දෙමින් සියලු දෙනාගේ අභිප්‍රායයන් සාර්ථක වේවායි පතමු.

දැක්ම

ආගමික අධ්‍යාපන, සංස්කෘතික හා සමාජයීය ව්‍යාපෘතීන් හරහා පොදුජන මෙහෙවරක නිරතවීම

අප හා එක්වන්න

  • බෝධි ආරක්ෂක සභාව, ධර්මපාල ම‍ාවත, මාතර, ශ්‍රී ලංකාව
  • Phone: +94 41 222 2983
  • Email: i[email protected] 

තොරතුරු ලිපි

මාතර බෝධි ආරක්ෂක සභාවේ නවතම එමෙන්ම විශේෂ පුවත්වලින් සැනෙකින් දැනුවත්වීමට ලියාපදිංචි වන්න.